අන්තර් ක්‍රීඩා සමාජ රග්බි ලීග් තරග කල් දමයි
By Kanchana
රට තුළ පැවති අයහපත් කාලගුණ තත්වය නිසා මතු වූ ආපදා තත්ත්වය හේතුකොටගෙන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි ලීග් තරගාවලියේ 4 වැනි සති අන්තයේ තරග කල්දමන බව ශ්‍රී ලංකා රග්බි සංගමය ප්‍රකාශ කර ඇත.
එම තරග සුපිරි තරග වටයට පෙර පැවැත්වීමට නියමිතව ඇත.
ඒ අනුව මීට පෙර අයහපත් කාලගුණය නිසා 3 වැනි සති අන්තයේ තරග කල් දමන ලදි. තවද එම තරග නත්තල් නිවාඩු සමයේ පවත්වන බව රග්බි සංගමය නිවේදනය කර තිබේ.