රග්බි සංගමයේ හිටපු සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා, ශ්‍රී ලංකා රග්බි සංගම් මූලස්ථානයට හදිසියේ මුද්‍රා තැබීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඔහු පොලීසිය වෙත පවසා ඇත්තේ, රග්බි සංගමය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක් ගොනුවෙමින් පවතින පසුබිමක මෙලෙස රග්බි සංගම් මූලස්ථානයට මුද්‍රා තැබීම ගැටලුසහගත බවයි.
අදාළ නඩුවලට සම්බන්ධ ලිපිගොනු අස්ථාන ගතවුවහොත් එහි වගකීම ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් භාරගත යුතු බව පවසමින් රග්බි සභාපතිවරයා කුරුඳුවත්ත පොලීසියට මෙම පැමිණිලි කර ඇති බව වාර්තා වනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |