අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමට රු. මිලියන 70,000ක සමෘද්ධි ණය

Report

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව අස්වැසුම ප්‍රතිලාභී හා අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබේ.

ඒ අනුව, 2029 වසර වන විට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීමේ ඉලක්කය සහිතව සවිබල ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මීට අමතරව, ‘නෙක්ස්ට් ශ්‍රී ලංකා’ වැඩසටහන හරහා අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා ණය පහසුකම් ලබාදීම, ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් යටතේ ස්වයං රැකියා සඳහා පුහුණුව හා උපකරණ ලබාදීම, කුඩා ව්‍යාපාර සඳහා ක්ෂුද්‍ර ණය පහසුකම් සැපයීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ.

එමෙන්ම, ‘සුව බොජුන්හල්’ වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ඇති කිරීම, නිවාස අහිමි අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබාදීම සහ පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම වැනි ව්‍යාපෘතිද ක්‍රියාත්මක කරමින් පවතී.

එයාර්බස් අල්ලස් නඩුව උඩු යටිකුරු වෙයි.. නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු.. ඕස්ට්‍රේලියාවේත් නඩුවක්?

එයාර්බස් අල්ලස් නඩුව උඩු යටිකුරු වෙයි.. නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු.. ඕස්ට්‍රේලියාවේත් නඩුවක්?

මෙම සවිබලගැන්වීමේ වැඩසටහන් වඩාත් ක්‍රමවත් හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ‘ප්‍රජා සවියට නව බලයක්’ වැඩසටහන ආරම්භ කර තිබේ. ඒ යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන 21,000කට ආසන්න සේවක පිරිසක් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇත.

එහි මාතර හා හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන පසුගිය 16 වැනිදා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ ජනතාව යැපුම් මානසිකත්වයෙන් මුදාගෙන ස්වාධීන හා සමාජීය මෙන්ම ආර්ථික වශයෙන් ශක්තිමත් පුරවැසියන් බවට පත්කරමින් වත්මන් පරම්පරාව තුළදීම මෙරට දිළිඳුකම අවසන් කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බවයි.

ඒ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වර්තමාන සමාජ, ආර්ථික හා මහජන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

"මෙම ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය ඉල්ලීම ගැන අද මම ලැජ්ජ වෙනවා" - අර්චුනාගෙන් හදිසි හෙළිදරව්වක්

"මෙම ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය ඉල්ලීම ගැන අද මම ලැජ්ජ වෙනවා" - අර්චුනාගෙන් හදිසි හෙළිදරව්වක්

පසුගිය වසරේ සමෘද්ධි බැංකු පද්ධතිය හරහා රුපියල් බිලියන 60කට ආසන්න ණය ප්‍රමාණයක් ජනතාව වෙත ලබාදී ඇති බවත්, ඉදිරි වසරේදී එම ප්‍රමාණය රුපියල් බිලියන 70 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව සවිබලගැන්වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක විශේෂ ආධාර වැඩසටහනක් මෙම වසර අවසානයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

තවද, සමෘද්ධි බැංකු 1,097ක් සහ බැංකු සමිති 336ක් සතුව පවතින රුපියල් බිලියන 600කට ආසන්න මහජන වත්කම් ජනතාව සවිබලගැන්වීම සඳහා යොදාගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ මහතා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දම්මික මුතුගල මහතා, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, සමෘද්ධි බැංකු කළමනාකරුවන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.  

අද දින වාසනාව හිමි වන ලග්න හිමියන් කවුද? - අද දින සම්පූර්ණ පලාපල විස්තරය කියවන්න

අද දින වාසනාව හිමි වන ලග්න හිමියන් කවුද? - අද දින සම්පූර්ණ පලාපල විස්තරය කියවන්න