ආපදා සහන සඳහා රු. බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

Report

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වය නිසා පීඩාවට පත් වූවන්ගේ ජීවනෝපායන් යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් 2026 වසර සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් උදෑසන මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මෙම ඇස්තමේන්තුව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කර ඇති අතර, හෙට (19) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

ඇමති විජිත රන්වලව සුද්ද කරයි - රන්වල බීල නැහැ.. ඒකයි ඇත්ත.. තරුණයාගේ ජීවිතය බේරගන්න ගිහින් රන්වල අමාරුවේ..

ඇමති විජිත රන්වලව සුද්ද කරයි - රන්වල බීල නැහැ.. ඒකයි ඇත්ත.. තරුණයාගේ ජීවිතය බේරගන්න ගිහින් රන්වල අමාරුවේ..

පසුගියදා සම්මත කළ 2026 අයවැයේ ආපදා සහන සඳහා වෙන් කිරීම් නොතිබූ නිසා මෙම අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය වී ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පරිපූරක ඇස්තමේන්තුව කොටස් තුනකින් සමන්විත වන අතර, ආපදාවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය මෙහි ප්‍රධාන අරමුණු වේ.

නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් නඩුව යළි කැඳවන්න දින දෙයි

නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් නඩුව යළි කැඳවන්න දින දෙයි

පාර්ලිමේන්තුව අද පෙ.ව. 9.30ට රැස්වීමට නියමිත අතර, අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලීම මත ස්ථාවර නියෝග 16 යටතේ මෙම විශේෂ රැස්වීම කැඳවා ඇත.

දිට්වා සුළි කුණාටුවෙන් මියගිය සහ අතුරුදහන් වූවන් 600කට අධික පිරිසක් වන අතර, නිවාස ලක්ෂ ගණනක් හානි වී ඇති බව වාර්තා වේ. මෙම අතිරේක මුදල් එම පීඩිතයන්ට සහනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Dubai style chocolate ගැන අනතුරු ඇඟවීමක් - කනවනම් පරිස්සමෙන්..

Dubai style chocolate ගැන අනතුරු ඇඟවීමක් - කනවනම් පරිස්සමෙන්..