නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් නඩුව යළි කැඳවන්න දින දෙයි

Report

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන පෙබරවාරි මස 16 වන දින යළි කැඳවන මෙන් කොළඹ මහාධිකරණය නියම කර ඇත.

ඒ අනුව මෙම නඩුව අද (18) දින කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදූරුගොඩ මහත්මිය හමුවේ කැඳවීය. එම අවස්ථාවේදී නීතිපතිවරයා විසින් නඩුවට අදාළ ලේඛන සමහරක් විත්තියේ නීතිඥවරු වෙත ලබා දීමට කටයුතු කළා.

මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය මෙම නඩුව නැවත පෙබරවාරි මස 16 වනදා කැඳවන ලෙස නියෝග කර ඇත.

ඇමති විජිත රන්වලව සුද්ද කරයි - රන්වල බීල නැහැ.. ඒකයි ඇත්ත.. තරුණයාගේ ජීවිතය බේරගන්න ගිහින් රන්වල අමාරුවේ..

ඇමති විජිත රන්වලව සුද්ද කරයි - රන්වල බීල නැහැ.. ඒකයි ඇත්ත.. තරුණයාගේ ජීවිතය බේරගන්න ගිහින් රන්වල අමාරුවේ..

මෙම නඩුව නීතිපතිවරයා විසින් මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක් මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙනවා.

පසුගිය යහපාලන රජය සමයේ දූෂණ විරෝධී හඩ නමැති සංවිධානයේ කැඳවුම්කරු වූ වත්මන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන කර ලිපිගොනු නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව වත්මන් ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමෙන් අනතුරුව නීතිපති විසින් කොළඹ මහාධිකරණය හමුවේ නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

ගංජා වැව්වා කියපු ඉඩම මාලිමා මන්ත්‍රීගේ නෙවේ ඒක නෑනාගේ - ඇත්ත කතාව එළියට

ගංජා වැව්වා කියපු ඉඩම මාලිමා මන්ත්‍රීගේ නෙවේ ඒක නෑනාගේ - ඇත්ත කතාව එළියට

රන්වල අනතුරේ පොලීසියේ පැටිකිරිය ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්

රන්වල අනතුරේ පොලීසියේ පැටිකිරිය ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්