ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන් අතට සිද්ධිය ගැන 42නෙකුගෙන් ප්‍රකාශ 88ක්

Report

විද්‍යුත් තැපැල් පණිවුඩ යොමුකිරීම මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරකට ආසන්න රජයේ මුදල් හැකර්වරුන් අතට පත්වීමේ මහා පරිමාණ වංචා සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 42 දෙදෙනෙකුගෙන් ප්‍රකාශ 88ක් සටහන් කර ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොනුකරනු ලැබූ අතර එහිදී ඔවුන් පෙන්වා දුන්නේ මෙම ගෙවීම් සිදුකළ නිලධාරීන් මුදල් ගෙවීමේ මුල් ගිවිසුමට අදාළව කිසිදු හරස් ප්‍රශ්නයක් හෝ සොයා බැලීමක් සිදු නොකර අදාළ ව්‍යාජ ඉන්වොයිස් පත්වලට සෘජුවම මුදල් ගෙවා ඇති බවයි.

දැන්ම සූදානම් වන්න - හෙට 1 න් පසු මේ පළාත්වලට වලංගු නිවේදනයක්

දැන්ම සූදානම් වන්න - හෙට 1 න් පසු මේ පළාත්වලට වලංගු නිවේදනයක්

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව ක්‍රියාත්මක වූ මහේස්ත්‍රාත්වරයා, අදාළ ගනුදෙනුව සිදුවූ සර්වර් පද්ධතියේ දත්ත ඇතුළත් පිටපත් කරන ලද සීඩී තැටි පිළිබඳ විධිමත් වාර්තාවක් ගොනුකරන ලෙස අදාළ විශ්වවිද්‍යාලය වෙත නියෝග කළේය.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව වැඩ තහනමකට ලක්ව සහ විදේශ ගමන් තහනම් කර තිබියදී මෑතකදී සියදිවි නසාගත් රංග රාජපක්ෂ නැමැති අයගේ මරණ පරීක්ෂණ වාර්තාවේ පිටපතක් ද මෙහිදී අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

කිරිඇල්ලේ වෙඩි තැබීමක්

කිරිඇල්ලේ වෙඩි තැබීමක්

මෙම සංකීර්ණ නඩු විභාගයේ ඉදිරි කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ සෘජු නියෝජනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බැවින් ඒ සඳහා සුදුසු දිනයක් ලබාදෙන ලෙස පොලිසිය මෙහිදී අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.