කිරිඇල්ලේ වෙඩි තැබීමක්

Report

කිරිඇල්ල මාටුවාගල මුදුන්කොටුව ප්‍රදේශයේ අද උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ, දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුමදී එක් පාර්ශ්වයක පුද්ගලයෙකු විසින් අහසට වෙඩිතබා තිබෙන බවයි.

ආරවුල අතරතුර එක් පුද්ගලයෙක් පොලිසිය විසින් නිකුත් කරන ලද බලපත්‍රලාභී පෞද්ගලික ගිනි අවියක් භාවිත කරමින් අහසට වෙඩි තබා ඇත. කෙසේ වෙතත් දෙපාර්ශ්වය අතර සිදු වූ ගැටුම හේතුවෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රත්නපුර රෝහල වෙත ඇතුළත් කර තිබේ.

සිද්ධියට අදාළව වෙඩි තැබීම සිදුකළ රිවෝල්වරය සහ සැකකරුවෙකු කිරිඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවෙකු සොයා විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකුරු රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත  .

රුපියල තවදුරටත් අවප්‍රමාණය වුන ඔබ සොයන අද ඩොලරයේ මිල ගණන් මෙන්න

රුපියල තවදුරටත් අවප්‍රමාණය වුන ඔබ සොයන අද ඩොලරයේ මිල ගණන් මෙන්න