කැළඹෙන මුහුදු රළ නිසා ප්‍රදේශයක් විනාශයි - මුහුද රළු නිසා ධීවරයන් අනාථ වෙයි

Report

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මඟින් ත්‍රිකුණාමලය වීරනගර් ප්‍රදේශයේ සිදුවන මුහුදු ඛාදනයෙන් ධීවර වාඩි රැසක් විනාශ වෙමින් පවතින අතර අද (08) දින වන විට නිවාස හතරකට හානි සිදු වී ඇති බව වාර්තා කරයි.

ඒ අනුව ධීවරයින් සඳහන් කරන්නේ කාලගුණයේ ඇතිවී ඇති කැළඹීම් ස්වභාවය හේතුවෙන් මුහුදු රළු වීමත් සමඟ මෙම තත්ත්වය උදාවී ඇති බවයි. එසේම මුහුදු ඛාදනය නිසා වෙරලාසන්නයේ ඇති නිවාස රැසකට බැලපෑම් එල්ලවී ඇත.

ධීවරයින් පෙන්වා දෙන්නේ බලපෑමට ලක්වී ඇති ගොඩනැගිලි අතර ධීවර වාඩි රැසක් ද වන බවයි.

අද සිට නැවත දැනුම් දෙනතුරු බලපැවැත්වෙන විශේෂ නිවේදනයක්

අද සිට නැවත දැනුම් දෙනතුරු බලපැවැත්වෙන විශේෂ නිවේදනයක්

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වීරනගර් අන්නෙයි ධීවර සමූපකාර සමිතියේ සභාපති වී. මනෝහරන් මහතා කියා සිටියේ,

“මීට කලින් මේ වගේ මුහුදු ඛාදනයක් සිද්ධ වෙලා නැහැ. මම හිතන්නේ මීට අවුරුදු 46 කට පෙර මෙවැනි තත්ත්වයක් අපිට ඇති වුණා. දැනට අපේ ධීවර වාඩි රැසක් කැඩිලා ගෙවල් හතරක් ඒ අතර වෙනවා. මේ අය සේරම ධීවර රැකියාවෙන් ජීවත් වෙන්නේ. මුහුද රළු නිසා රැකියාවක් දැන් අහිමිවෙලා. ගෙවල් දොරවලුත් අහිමිවෙන්නයි යන්නේ”

හෙට ඕස්ට්‍රේලියාවට විනාශකාරී තාප තරංග අවදානමක් - පාසල් වසා දමද්දි රටම බියෙන් ඇවිළෙයි

හෙට ඕස්ට්‍රේලියාවට විනාශකාරී තාප තරංග අවදානමක් - පාසල් වසා දමද්දි රටම බියෙන් ඇවිළෙයි

එමෙන්ම ඛාදනය අවම කිරීම සඳහා ගල්වැටියක් යෙදීමට එම ස්ථානයට පැමිණි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වෙරළ සංරක්ෂණ සංවර්ධන නිලධාරි සුන්දරමූර්ති තිපරාජ් සඳහන් කළේ,

“මේ ඛාදනයට අපි මීටර් හතළිහක් දිගට ගල් වැටියක් යොදනවා. අපි දැන් ඒක පටන් ගත්තා. මීට පෙර ඛාදනයකට මිට නුදුරු ප්‍රදේශයේත් මෙවැනි ගල්වැටියක් අපි යොදල තියෙනවා. මේ ගල් වැටි තුළින් ඛාධනය අවම කිරීම තමයි අපේ බලාපොරොත්තුව" 

රතු නිවේදන - හෙට සවස 5.30ට ලංකාවට ඇතුල් වෙයි - වහාම ආරක්ෂා වෙන්න

රතු නිවේදන - හෙට සවස 5.30ට ලංකාවට ඇතුල් වෙයි - වහාම ආරක්ෂා වෙන්න