ආයෙත් අවදානමක්? පහළ වායුගෝලයේ කැළඹීමෙන් මුහුදත් රළු වෙයි - වෙන්න යන දේ මෙන්න
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන පරිදි නැගෙනහිර පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බවයි.
මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 පමණ දක්වා ඉහළ යා හැකි අතර, දිවයින වටා ඇති අනෙකුත් මුහුදු ප්‍රදේශද මද වශයෙන් රළු විය හැකි බව සඳහන් කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ, මෙම තත්ත්වය ලබන 2–3 දිනයන්වලදී ද බලපෑම් ඇති කළ හැකි අතර, මුහුදු ගමන්කරුවන්, යාත්‍රා හා බෝට්ටු හිමියන්ට අතිශය අවධානයෙන් කටයුතු කරන ලෙසයි.
එමෙන්ම වෙරළ ආසන්න ප්‍රදේශවල රැඳී සිටින ජනතාවට අනතුරු සහිත ක්‍රියාකාරකම් වලින් වළකිමින්, ආරක්ෂිත තැන්වල රැඳී සිටීමටත්, කාලගුණ තොරතුරු ලබාගනිමින් අවශ්‍ය පියවර ගැනීමටත් උපදෙස් දී තිබේ.
මෙම තත්ත්වය නිසා මුහුදු ආසන්න ප්‍රදේශවල මත්ස්‍ය ව්‍යාපාර, වෙරළ සංචාරක ක්‍රියාකාරකම් සහ නාවික යාත්‍රා මෙහෙයුම් සඳහා අවදානමක් ඇති වන බැවින් ඒ පිළිබඳව විමසිලිමත් විය යුතු වේ.