වායුගෝලයේ කැලඹීම වැඩිවෙයි - ඉදිරි දිනවල රටට වෙන දේ ගැන නිවේදනයක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (02) අලුයම නිකුත් කළ නවතම නිවේදනයේ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන බව දක්වයි.

ඒ අනුව අද දිනයේ නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බව සඳහන්. එමෙන්ම මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.

ආයෙත් වායුගෝලය කැළඹෙයි - ජනතාව ප්‍රවේශමෙන්

ආයෙත් වායුගෝලය කැළඹෙයි - ජනතාව ප්‍රවේශමෙන්

එම නිවේදනයේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද සඳහන්.

එමෙන්ම සෙසු ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් කියයි.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක.

එසේම සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බව වාර්තා වේ.

කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුවෙන් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

අද දින සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන නව බදු ව්‍යුහයක් - බද්ද 18% දක්වා ඉහළට

අද දින සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන නව බදු ව්‍යුහයක් - බද්ද 18% දක්වා ඉහළට

ලාෆ්ස් ගෑස් මිල ඉහළට - නව මිල මෙන්න

ලාෆ්ස් ගෑස් මිල ඉහළට - නව මිල මෙන්න