රියාද් සහ ඩුබායි වෙත ගුවන් ගමන් යළි අරඹයි
ශ්‍රී ලංකන් ගුවන් සේවය මඟින් අත්හිටුවා තිබූ රියාද් සහ ඩුබායි දක්වා දෛනික ගුවන් සේවාවන් යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව, අද (09) රාත්‍රියේ සිට රියාද් දක්වා ගුවන් සේවා යළි ආරම්භ වන අතර, හෙට (10) දිනයේ සිට ඩුබායි දක්වා දෛනික ගුවන් මෙහෙයුම් නැවත පටන් ගනු ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සේවය නිල වශයෙන් දැනුම් දී තිබේ.
මෙම ගුවන් සේවා අත්හිටුවීම සිදු වූයේ මෑතකදී මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වයන් හේතුවෙන් වන අතර, දැන් එම තත්ත්වයන් සැලකිල්ලට ගෙන සහ මගීන්ගේ හා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව හා සුබසාධනය උදෙසා උපරිම අවධානය යොමු කරමින් මෙම තීරණය ගත් බව ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මගීන්ට තම ගුවන් ගමන් වෙන් කිරීම් යළි තහවුරු කර ගැනීමට හෝ වෙනස් කිරීමට ශ්රීලංකන්ගේ නිල වෙබ් අඩවිය හෝ ගුවන් සේවා මධ්‍යස්ථානය හරහා සම්බන්ධ වන ලෙසත් එම සමාගම ඉල්ලා සිටී.