ඉරාන මහජනතාව සූදානම් - තම මව්බිම ආරක්ෂා කර ගැනීමට පෙරට
ඉරාන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගායි පවසන්නේ ඉරාන ජනතාව තම මව්බිම ආරක්ෂා කර ගැනීම සඳහා උපරිමයෙන් සූදානම්ව සිටින බවයි.
ටෙහෙරාන් නුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරානය කෙරෙහි බලපෑම් එල්ල කිරීමට සැලසුම් කරන බවට කළ ප්‍රකාශ විවේචනය කළේය.
එමෙන්ම ඉරානයේ අනාගතය තීරණය කරනු ලබන්නේ එරට "ජනතාවගේ අභිමතය" මත පමණක් බව ද ඇමරිකානු බලපෑම්වලට යටත් නොවන බව ඔහු පැවසුවේය.
එමෙන්ම ඕනෑම තර්ජනයකදී තම දේශය ආරක්ෂා කර ගැනීමට ඉරාන වැසියන් පූර්ණ සූදානමකින් පසුවන බව මෙම මාධ්‍ය හමුව හුවා දක්වමින් අල්ජසීරා පුවත් සේවය පෙන්වා දෙයි.