අද විදුලිය නැති වෙයිද? CEB වර්ජනයෙන් රට කම්පනයට
අද (09) සවස 3 සිට පැය 24ක කාලයක් ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයින් සියලු සේවාවන්ගෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසයි
නව ප්රතිසංස්කරණ ක්රියාවලිය හරහා සේවකයන්ගේ අයිතිවාසිකම්, රැකියා සුරක්ෂිතභාවය හා සේවා කොන්දේසි සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාවය මෙම වර්ජනයට ප්රධාන හේතුව බව වෘත්තීය සමිති පැවසීය.
විශේෂයෙන්ම නව සමාගම්වලට අනුයුක්ත කිරීමේදී විධිමත් පත්වීම් ලිපි නොලැබීම, සේවක කොන්දේසි පිළිබඳ ගැටලුවලට බලධාරීන්ගෙන් මෙතෙක් නිසි ප්රතිචාරයක් නොලැබීම ඇතුළු කරුණු හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ඔවුන් සඳහන් කළහ.
මෙම වර්ජනය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවා කටයුතුවලට බලපෑම් ඇති වී ඇති අතර, විදුලි සැපයුම්වලටද බාධා ඇති විය හැකි බව වාර්තා වේ.
වෘත්තීය සමිති බලධාරීන් සමඟ සාකච්ඡාවලට යොමු වී ඉල්ලීම් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන බව ප්රකාශ කර තිබේ.