අනුරගෙයි ට්‍රම්ප්ගේ කෙළියෙන් ශ්‍රී ලංකාවට ලොකු අහිමිවීමක් අතළඟ...
GSP+ බදු සහනය දැනට ශ‍්‍රී ලංකාවට හිමිව තිබෙනවා. නමුත් පවතින වාතාවරණය සමග GSP+ බදු සහනය ද ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාා පවසනවා.
ඉදිරියේදී ඉහල අවදානමක් පවතින බවත් ඒ තුලින් රටේ ආර්ථිකට තවදුරටත් කඩා වැටෙනු ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දී තිබෙනවා.
එක්සත් ජනපදය විසින් පනවා ඇති නව තීරු බදු හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නා.
ඇමෙරිකාව ඉහලම තීරුබදු අනුපාත පැනවූ රටවල් 05 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වීම භයානක තත්ත්වයක් බවත් ඒ හරහා මෙරට ප්‍රශ්න ගණනාවක් ඉදිරියේදී නිර්මාණය විය හැකි බවත් ඒ මහතා පැවසුවා. කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ අදහස් පල කර සිටියා.