කාලගුණයෙන් රතු නිවේදනයක්

Report

 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ කුරුණෑගල, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

 

අධි ආරක්ෂිත බන්ධනාගාරයේ මිය ගිය රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

අධි ආරක්ෂිත බන්ධනාගාරයේ මිය ගිය රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාරයක්

රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාරයක්