පෙරටුගාමින් යුද්ධය ප්‍රකාශ කරයි... රට පාවා දුන්නා (VIDEO)
By Akash
අද දිනයේදී කොළඹ නගරයේ විරෝධතා පැවැත්වීම තහනම් කර තිබියදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුනා.
ඒ ඉන්දියාව සමග අත්සන් තැබීමට යෙදුණු ගිවිසුම් වලට එරෙහිව බවයි පැවසෙන්නේ.
ඉන්දියාව සමග අත්සන් තැබුණු මෙම ගිවිසුම් හරහා 1987දී මෙන් රට පාවාදීමකට ලක් කර ඇති බවයි විරෝධතාකරුවන් චෝදනා කර සිටියේ.
එම පක්ෂ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා විරෝධතාකරුවන් අමතමින් කියා සිටියේ මෙම පාවාදීම් වලට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ මොහොතේ සිට යුද්ධය ප්‍රකාශ කරන බවයි.