හිටපු ඇමති ගම්මන්පිලගෙන් කඩඉම් ප්‍රශ්න තුනක්! (VIDEO)

Sri Lanka Army Udaya Gammanpila Law and Order
By Shehan Mar 26, 2025 04:02 AM GMT
Shehan

Shehan

Report

පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා එක්සත් රාජධානියෙන් ප්‍රශ්න කරන්නේ, රණවිරුවන් යුධ අපරාධකරුවන් ලෙස නම් කිරීමට එක්සත් රාජධානිය සිදු කළ පරීක්ෂණය කුමක්ද යන්නයි.

ඔහු මේ බව පැවසුවේ, ශවේන්ද්‍ර සිල්වා, වසන්ත කරන්නාගොඩ, ජගත් ජයසූරිය ඇතුළු පිරිසට එක්සත් රාජධානිය විසින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

Trending News

ජොන්ස්ටන්ගේ සතොස නඩුව ගැන අද දුන් නියෝගය.

ජොන්ස්ටන්ගේ සතොස නඩුව ගැන අද දුන් නියෝගය.

මහින්ද කට අරිද්දී බ්‍රිතාන්‍යය පැනවූ සම්බාධක ගැන රජයෙන් ප්‍රතිචාර

මහින්ද කට අරිද්දී බ්‍රිතාන්‍යය පැනවූ සම්බාධක ගැන රජයෙන් ප්‍රතිචාර

එහිදී ගම්මන්පිල මහතා එක්සත් රාජධානියෙන් පිළිතුරු ලබා දිය යුතු ප්‍රශ්න තුනක් ද ඉදිරිපත් කළේය.

“අපේ රණවිරුවන්ට වැරදිකරුවන් ලෙස තීන්දු කිරීමට පෙර ඔවුන්ට සිය පැත්ත කියා පෙන්වීමට අවස්ථාවක් ලබා දුන්නාද? ලෝකයේ බිහි වූ භයානකම ත්‍රස්තවාදී නායකයන්ට එක්සත් රාජධානිය ආරක්ෂිත ස්ථානයක් වන විට, එම ත්‍රස්තවාදියා පරාජය කළ රණවිරුවන් අපරාධකරුවන් ලෙස සැලකෙන්නේ කෙසේදැයි එක්සත් රාජධානිය ලෝකයට පැහැදිලි කළ යුතුයි,” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

ReeCha