ගොවි ජනතාවට සුබ ආරංචියක්..

By Aruna Feb 06, 2025 03:33 AM GMT
Report

රජය නියම කළ සහතික මිලට අනුව මෙවර මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීම අද සිට ගබඩා විවෘත කර තබන බව වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට අද විශේෂ දිනයක්..මුළු රටම බලාසිටින හේතුව මෙන්න.

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට අද විශේෂ දිනයක්..මුළු රටම බලාසිටින හේතුව මෙන්න.


කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් වී ගන්නා මිල ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කටත් මිල දී ගන්නා බවයි ඔහු පැවසුවේ.

රට පුරා ඔන්මැක්ස් යළි කරළියට එයි..ලක්ෂ ගණන් සල්ලි දාපු අය අවධානයෙන් ඉන්න..

රට පුරා ඔන්මැක්ස් යළි කරළියට එයි..ලක්ෂ ගණන් සල්ලි දාපු අය අවධානයෙන් ඉන්න..


මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ වී මේ වන විට සති කිහිපයක් ගතවී ඇති අතර වී සදහා රජයේ සහතික මිල ප්‍රකාශයට පත් කරන ලෙස ගොවීන් දිගින් දිගටම ඉල්ලා සිටියේ පෞද්ගලික වෙළෙඳුන් ඉතා අඩු මුදලකට වී මිලදී ගන්නා බවයි.

කෙසේ වෙතත්, රජයේ සහතික මිල ප්‍රකශයට පත් කිරීමෙන් පසු ගොවීන් සහ ගොවි නියෝජිතයින් ප්‍රකාශ කළේ සහතික මිල ප්‍රමාණවත් නැති බවයි.

You May Like This Video