රට පුරා ඔන්මැක්ස් යළි කරළියට එයි..ලක්ෂ ගණන් සල්ලි දාපු අය අවධානයෙන් ඉන්න..

Central Bank of Sri Lanka Police spokesman Sri Lanka Police
By Aruna Feb 06, 2025 01:57 AM GMT
Aruna

Aruna

Report

ඔන්මැක්ස් ඩී ටී මහා පරිමාණ පිරමීඩ ජාවාරමට හසු වූ 13000 කට අධික පිරිසක් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (05) පස්වරුවේ දැනුම් දෙනු ලැබුවා.

ඔන්මැක්ස් ඩී. ටී. පිරමීඩ ජාවාරමට හසු වූ විශාල පිරිසක් අතරින් එලෙස පැමිණිලි 13,000 කට අධික ප්‍රමාණයක් පොලිස් ස්ථාන වෙත ලැබී ඇතැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි වෙත දන්වා සිටි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල් පෙරේරා තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින බවයි දන්වා සිටියේ.

රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා මගින් සියලු පොලිස් ස්ථාන වෙත යොමු කරන ලද විශේෂ පැමිණිලි ආකෘති පත්‍රයකට අනුව ඔන්මැක්ස් වංචාවට හසු වූ පුද්ගලයන් එලෙස පැමිණිලි ඉදිපත් කර තිබූ බවයි.

අද මේ ලග්න වල අය දැඩි ඉවසීමෙන් වැඩ කරන්න..ලග්න කිහිපයකට ටිකට් එකක් ගන්නත් ශුභයි.(VIDEO)

අද මේ ලග්න වල අය දැඩි ඉවසීමෙන් වැඩ කරන්න..ලග්න කිහිපයකට ටිකට් එකක් ගන්නත් ශුභයි.(VIDEO)


අදාළ පැමිණිලි පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියගේ උපදෙස් මත කාණ්ඩ 04 ක් යටතේ විමර්ශන පවත්වන බවත්, ඒ සඳහා විශේෂ නිලධාරින් කණ්ඩායමක් අනුයුක්ත කර ඇති බවත් රජයේ නීතිඥවරයා දන්වා සිටියා.

මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී දැනට ඇප මත මුදාහැර සිටින සැකකරුවන් 07 දෙනකු අධිකරණය හමුවේ පෙනී සිටීම සිදු විය.

රජයේ නීතිඥවරයා මෙම නඩුවේ 10 වන සැකකරු සමන්ත කුලසිරි නමැති අය වෛද්‍යවරයෙක් බවයි පැවසෙන්නේ.

ඔහු විසින් එක් දිනකදී රුපියල් මිලියන 800 ක් වටිනා ඉඩම් 16 ක් මිලදී ගෙන තිබෙන බවද හෙළිවී ඇත.

ඒවා අධිකරණය මගින් මේ වන විට තහනමකට ලක්කර තිබේ.

ඔහුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. වෛද්‍යවරයෙක් වුවත් වෙනත් කවුරු වුවත් ජනතා මුදල් අවභාවිත කර තිබේ නම් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නවා.

මෙම ඔන්මැක්ස් ඩී. ටී. වංචාවට අදාළව දිනෙන් දින පැමිණිලි ලැබීමේ වර්ධනයක් තිබෙන හෙයින් සැකකරුවන් වංචා කළ මුදල තවත් ඉහළ යනවා.

ඒ අනුව මෙතෙක් ලැබී ඇති සියලු පැමිණිලි අනුව ඔන්මැක්ස් ඩී. ටී. සමාගම විසින් වංචා කරන ලද මුදල් ප්‍රමාණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගණනය කිරීමට නියමිතව ඇත.    

එලෙස මුදල් තැන්පත් කළ සමහර පුද්ගලයන් අසනීප වී සිටින බවත්, ඇතැම් පුද්ගලයන් සියදිවි නසා ගැනීමේ තත්ත්වයට පත් වී ඇති බව, ඔන්මැක්ස් ඩී. ටී. ජාවාරමට හසු වූ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් දන්වා සිටියේ ය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ කර තවත් මාස 02 කින් වසර 02 ක් ගතවන බව පෙන්වා දුන් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් තම සේවාදායකයන්ට යුක්තිය ඉෂ්ට කර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

අද සිට රට පුරා කාලගුණයේ වෙනසක්..ජනතාවට විශේෂ දැනුම්දීමක්..

අද සිට රට පුරා කාලගුණයේ වෙනසක්..ජනතාවට විශේෂ දැනුම්දීමක්..


මෙම සිද්ධියට අදාළ 06 වන සැකකරුවන ගයාන් චාමර වික්‍රමතිලක නමැති අය අධිකරණය මගින් ඇප මත මුදා හැරීමෙන් අනුතරුව විදෙස්ගත වී ඇතැයි දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඔහු ඩුබායිහි දී අත්අඩංගුවට පත්ව ඇතැයි තොරතුරු ලැබී තිබෙන බව ද දන්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළ නඩුව ලබන අප්‍රේල් 02 වැනිදා කැඳවන ලෙස නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය, එදිනට විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

අදාළ නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටට රැස් වූ ඔන්මැක්ස් වංචාවට හසු වූ තැන්පත්කරුවන් පිරිසක් කළු පටි පැලඳ විරෝධතා පුවරු සමගින් නිහඬ විරෝධතාවක නිරත විය.

You May Like This Video


ReeCha