ප්‍රවීණ සංගීතඥයකු අභාවප්‍රාප්ත වෙයි..

By Piyumika Dec 16, 2024 02:43 AM GMT
Report

ඉන්දියාවේ ශාස්ත්‍රීය සංගීතයේ කීර්තිමත්, විශිෂ්ඨ තබ්ලා වාදකයෙකු වන සකීර් හුසේන් අමෙරිකාවේ, සැන් ෆ්රැන්සිස්කෝ හි රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහුගේ පවුලේ ඥාතීන් විසින් ඒ බව අද (16) තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

දෙරටක් පීඩා විඳී ධීවර ගැටලුව ගැන එකඟතාවක්...

දෙරටක් පීඩා විඳී ධීවර ගැටලුව ගැන එකඟතාවක්...

රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය සති දෙක තුළ ඔහු රෝහල්ගතව සිටි අතර මිය යන විට 73 වැනි වියේ පසු වූ බව සඳහන් වේ.

මෙම වසර 66 වන ග්‍රැමී සම්මාන උළෙලේ දී ලබා ගත් සම්මාන තුන ද ඇතුළුව හුසේන් සිය වෘත්තීය ජීවිතය තුළ ග්‍රැමී සම්මාන හතරක් ලබා ඇත.

අනේ අම්මපා මෙහෙමත් වෙළදාමක්.. ශ්‍රි පාද වන්දනාවේ එන තරුණයන් ප්‍රවේශමෙන්..

අනේ අම්මපා මෙහෙමත් වෙළදාමක්.. ශ්‍රි පාද වන්දනාවේ එන තරුණයන් ප්‍රවේශමෙන්..

එමෙන්ම, ඉන්දියාවේ විශිෂ්ඨතම පුද්ගලයින්ට පිරිනමන සම්මාන වන පද්ම ශ්‍රී සම්මානය 1988 දීත්, පද්ම භූෂණ සම්මානය 2002 දීත් සහ පද්ම විභූෂණ සම්මානය 2023 දීත් ඔහුට හිමිව තිබේ.

සංගීතඥ සකීර් හුසේන් දශක හයක් පුරා සිය වෘත්තීය ජීවිතය තුළ කීර්තිමත් ජාත්‍යන්තර සහ ඉන්දියානු කලාකරුවන් රැසක් සමග කටයුතු කර තිබේ.  

ප්‍රවීණ සංගීතඥයකු අභාවප්‍රාප්ත වෙයි.. | Veteran Musician Zakir Hussain Passes Away

You may like this video