බස් සංගම් මගීන්ගෙන් කළ ඉල්ලීම.
Sri Lanka
Transport Fares In Sri Lanka
By krishani
4% ක් ඉහළ දැමූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මක වන බවත් වැඩිපුර මුදල් අය කරන කොන්දොස්තවරුන් සිටීනම් ඔවුන් පිළිබද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට හෝ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැමිණිලි කරන ලෙසත් බස් සංගම් මගීන්ගෙන් ඉල්ලීමක් සිදුකරයි.
එමෙන්ම ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ බස් ගාස්තු වැඩිවීමට අදාළව ලේඛන මේ වනතෙක් බස් රථ හිමියන්ට ලැබී නොමැති බවයි.
එම ලේඛන ලබන අඟහරුවාදා දිනයේ දී ඔවුන්ට ලැබෙනු ඇති බව ඒ මහතා කියා සිටියේ ය.
ඒ අද (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
කෙසේ වෙතත්, බස් රථයට ගොඩවන අවස්ථාවේ දී මාරු කාසි රැගෙන එන ලෙසට ද ඔහු මගීන්ගෙන් ඉල්ලීමක් කළේ ය.
