ලංකා ධීවර සංස්ථාව ඈවර කරන බවේ පුවත් අසත්‍යයි

Report

ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගැනීමේ ඉදිරි තීරණයක් නව ශක්‍යතා අධ්‍යයනයකින් පසු ගන්නා බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය.

මෙම ප්‍රකාශය ඔහුගේ සභාපතිත්වයෙන් ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ රැස්වීමේදී (පසුගිය සැප්තැම්බර් 09) පාර්ලිමේන්තුවේදී සිදුවිය. 

මෙම රැස්වීමට ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ද සහභාගි වූ අතර, ඔලුවිල් ධීවර වරාය ක්‍රියාත්මක කිරීම පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් සිදුවිය. අමාත්‍යවරයා පැවසුවේ, නිසි අධ්‍යයනයන් සිදු නොකර ඔලුවිල් වරාය ඉදිකිරීමෙන් සිදුවූ හානි නිවැරදි කිරීම සඳහා නව ශක්‍යතා අධ්‍යයනයන් සිදුකරන බවත්, එම අධ්‍යයන මත පදනම්ව අනාගත සැලසුම් සකස් කරන බවත්ය.

ඔන්න අද ඉදන් මේ මාලු වර්ග 4 හදන්න බෝ කරන්න තහනම්

ඔන්න අද ඉදන් මේ මාලු වර්ග 4 හදන්න බෝ කරන්න තහනම්

නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේ, නැගෙනහිර පළාතේ ධීවර වරායක අවශ්‍යතාව සපුරාලීම සඳහා වාලච්චේන ප්‍රදේශයේ ධීවර වරාය 2026 වර්ෂයේදී නව පහසුකම් සහිත පුළුල් ධීවර වරායක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බවයි. එමෙන්ම, එම ප්‍රදේශයේ ධීවර කර්මාන්ත සඳහා අවශ්‍ය අයිස් නිෂ්පාදනය සඳහා කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට ද කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

මෙම රැස්වීමේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විමසා ඇත්තේ, ලංකා ධීවර සංස්ථාව ඈවර කිරීම සඳහා පවතින රජයේ ආයතන ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවට පළවන වාර්තාවල සත්‍යතාවය ගැනයි. ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එම වාර්තා සත්‍ය නොවන බවත්, රජය එවැනි තීරණයක් ගෙන නැති බවත්ය. "එලෙස අසත්‍ය වාර්තා පළවීම අමාත්‍යාංශයට ද ගැටලුවක් ව පවතින බවත්" ඔහු අවධාරණය කළේය.

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක්

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක්

විපක්ෂ නායකවරයාගේ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ධීවරයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, නොවැම්බර් 21 වැනිදා සිට මෙරට සමස්ත ධීවර ප්‍රජාව සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කරන බවයි. "එය දායක විශ්‍රාම වැටුපක් ලෙස හැඳින්විය හැකි බැවින්, ධීවර ප්‍රජාවට ඔවුන්ගේ දායකත්වයේ ප්‍රමාණය අනුව ප්‍රතිලාභ ලබාදෙන නව ක්‍රමයක්" ලෙස ඔහු විස්තර කළේය.

අදත් උඩු යටිකුරු වුණු රන් මිල - පවුමේ මිල ගණන් මෙන්න

අදත් උඩු යටිකුරු වුණු රන් මිල - පවුමේ මිල ගණන් මෙන්න