මෙන්න අවුරුදු 7කට පස්සේ දිගනට ගැහුවට අදාළ විමර්ශන වාර්තාව භාර දෙයි

Report

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් මහනුවර දිස්ත්‍රික්කයේ දිගන සහ අවට සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබඳ විමර්ශන වාර්තාව ලබාදී ඇත.

ඔයාගේ දරුවව දැන්ම බේරගන්න - 2016 ඉදලා පාසල් දරුවන්ට පටන් ගත්ත භයානක ලෙඩ කෝටිය

ඔයාගේ දරුවව දැන්ම බේරගන්න - 2016 ඉදලා පාසල් දරුවන්ට පටන් ගත්ත භයානක ලෙඩ කෝටිය

දිගන සිදුවීම වී වසර 7කට පසුව මෙලෙස වාර්තාව ප්‍රකාශයට පත්කර ඇත. 2018 මාර්තු මාසයේදී සිදුවූ ප්‍රචණ්ඩ සිදුවීම ගැන විමර්ශන වාර්තාවමේ වනවිට නිකුත් වී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මගින් වාර්තාව නිකුත් කර ඇත්තේ පසුගියදා 01 වැනිදා වන අතර මින් පෙර 2014 දී අලුත්ගම, 2017 දී ගින්තොට සහ 2018 දී අම්පාර යන ප්‍රදේශවල ද මේ ආකාරයේ පහර දීම් වාර්තා විය.

ශෂීන්ද්‍ර රාජපක්ෂට අමාරුයි - බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි.

ශෂීන්ද්‍ර රාජපක්ෂට අමාරුයි - බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි.

මෙම වාර්තාව මගින් අමාත්‍යාංශ 9ක් වෙත නිර්දේශ සපයා තිබෙනවා. එමෙන්ම රජය විසින් ක්‍රියාත්මක කළ යුතු බවට වන තවත් නිර්දේශ 6ක් ද වාර්තාවේ සඳහන් වේ.

රජය, විශේෂයෙන් තාක්ෂණය සහ මාධ්‍ය විෂයයන් භාර අදාළ අමාත්‍යාංශ, වෛරී කථනය සහ උසිගැන්වීම්, විශේෂයෙන් අන්තර්ජාලය හරහා, ඵලදායී ලෙස නිරීක්ෂණය කළ හැකි සහ ඒවා තවදුරටත් ව්‍යාප්ත කිරීම වැළැක්වීම සඳහා යාන්ත්‍රණ ශක්තිමත් කළ යුතු බවට ද මෙම නිර්දේශ මගින් අවධාරණය කර ඇත.

වර්තමානයේ, මුස්ලිම්වරුන් වෙත යොමු කරන ලද වෛරී කථනය වාර ගණන අඩු වී ඇති නමුත්, කාන්තාවන් සහ ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය හෝ ලිංගික දිශානතිය මත පදනම්ව පුද්ගලයින් වෙත යොමු කරන ලද වෛරී කථනය ඇතුළු අනෙකුත් ආකාරයේ වෛරී කථන වැඩි වී ඇති බවයි වාර්තාවේ සදහන් වේ.

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

නීතිය හා සාමය විෂය ක්‍රියාත්මක කරනු ලබන අමාත්‍යාංශය වෙත නිකුත් කර ඇති නිර්දේශ අතර, වාර්ගික ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය විය හැකි තත්වයන් සමීපව නිරීක්ෂණය කිරීමට සහ වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව වර්ධනය කරන ලෙස දක්වා තිබෙනවා.

එමෙන්ම එවැනි ක්‍රියාමාර්ගවලට වාර්ගික ප්‍රචණ්ඩත්වයේ විනාශකාරී ප්‍රතිවිපාකවලට සංවේදී වන ඉක්මන් ප්‍රතිචාර සහිත ශක්තිමත් බුද්ධි තොරතුරු රැස්කිරීම් ඇතුළත් විය යුතු බවයි අවධාරණය කරයි. බලය භාවිතා කිරීම, අණ කිරීමේ ව්‍යුහය, පුහුණුව සහ සම්පත් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කැරලිවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රමාණවත් සහ ඵලදායී ක්‍රියා පටිපාටි ස්ථාපිත කිරීමට ද එමගින් නිර්දේශ කර තිබෙනවා.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

 

පොලිස් බලකායේ නිලධාරීන් (විශේෂයෙන් කනිෂ්ඨ නිලධාරීන්) අතර ඇති අඩු චිත්ත ධෛර්යය ඵලදායී ලෙස ආමන්ත්‍රණය කර නිලධාරීන්ට විශ්වාසයෙන් යුතුව තම රාජකාරි ඉටු කිරීමට හැකි වන පරිදි සහතික කරන ලෙස සදහන් වේ.

සියලුම ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන් නියෝජනය කරන ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් හරහා වෛරී ප්‍රකාශ ප්‍රචාරය කිරීම හඳුනා ගැනීම සඳහා බුද්ධි තොරතුරු රැස් කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ද වාර්තාවේ නිර්දේශයක්.

සියලුම ප්‍රජාවන්, විශේෂයෙන් ප්‍රදේශයේ තරුණයින් නියෝජනය කරන, අවම වශයෙන් මසකට වරක්වත් රැස්වන, සෑම පොලිස් අංශයක්ම භාර සහකාර පොලිස් අධිකාරීවරයාගේ සහභාගීත්වයෙන් යුත්, ඇතුළත් සිවිල් කමිටු ස්ථාපිත කිරීම ද වඩා වැදගත් බව නිර්දේශවල සඳහන්.

ගැටුම් හෝ ප්‍රචණ්ඩකාරී අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමේදී ඔවුන්ගේ යුතුකම් සහ වගකීම් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ප්‍රමාණවත් පුහුණුවක් සහ දැනුවත්භාවයක් ලබා දීම සහ ජාතිවාදී සංවිධාන සහ මතවාදයන්ට සහාය දක්වන හෝ ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමට අපොහොසත් වන නිලධාරීන් වගකිව යුතු බවට පියවර ගැනීම සහතික කිරීමද අවශ්‍ය බවට වාර්තාවේ දැක්වෙනවා.

මෙරට මානව හිමිකම් උල්ලංගඝනය වීම් පිළිබඳ වාර්තාවක් ද සහිතව ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මෙවර සැසිය ආරම්භ වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.