ශෂීන්ද්‍ර රාජපක්ෂට අමාරුයි - බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි.

Report

රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ (5) සවස වෛද්‍ය නිර්දේශය අනුව ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පවසයි.

පාතාල නායක මිදිගම චූටි ඕමාන් රාජ්‍යයේදී අත්අඩංගුවට - තරු පහේ හෝටලය හැංගිලා ඉදලා

පාතාල නායක මිදිගම චූටි ඕමාන් රාජ්‍යයේදී අත්අඩංගුවට - තරු පහේ හෝටලය හැංගිලා ඉදලා

තවදුරටත් ඔහු ප්‍රකාශ කලේ අධිරුධිර පීඩනය ඇතුළු රෝගී තත්ත්වයන් හේතුවෙන් මෙලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව බන්ධනාගාර රෝහලට අතුලත් කල බවයි.

පසුගිය දිනක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්තේ අරගලකරුවන් විසින් මහවැලි ඉඩමක ඉදිකර තිබූ සිය දේශපාලන කාර්යාලය ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් නීතියට පටහැනි ලෙස රුපියල් 88 ලක්ෂ 50,000ක මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීම තුළින් 'දූෂණය' නම් චෝදනාවටය.

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

දූෂණ විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහි නඩුව පසුගිය 29 වැනිදා යළි කැඳවූ අතර, එහිදී ඔහු මේ මස 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

අද දවසේ වාර්තා වූ හතර වන වෙඩි ප්‍රහාරය පානදුර ප්‍රදේශයෙන්

අද දවසේ වාර්තා වූ හතර වන වෙඩි ප්‍රහාරය පානදුර ප්‍රදේශයෙන්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්