ශ්‍රී ලංකා පොලිසියෙන් මුළු දිවයිනටම විශේෂ අනතුරු ඇගවීමක් - මේ වගේ ඇමතුමක් දුරකතනයට ආවොත් වහාම දැනුම් දෙන්න

Report

පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප යොදාගනිමින් සහ ව්‍යාජ ලෙස පොලිස් අනන්‍යතාවය පෙන්වමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ක්‍රියාත්මක වන ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු ලබාදීමට පොලීසිය විසින් විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී ඇත.

මීට පෙර ද මේ පිළිබඳව ජනතාව අවධානයෙන් සිටිය යුතු බවට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණ ද, තවමත් ජනතාව මෙම උපක්‍රමවලට හසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අවධාරණය කරයි.

මෙහිදී ප්‍රධාන වශයෙන්ම පරිගණක සහ ජංගම දුරකථන මාර්ගයෙන් ව්‍යාජ ලෙස සකස් කළ වට්ස්ඇප්  හා ටෙලිග්‍රෑම් ගිණුම් හරහා මෙම වංචනික මූල්‍ය ගනුදෙනු සිදුකරගෙන යන බව සොයාගෙන තිබේ.

දෙසැම්බර් 31 ට පෙර සියලුම පාසල්වල කරන්න යන වෙනස - ගුරු ස්ථාන මාරු දෙන්නෙත් මෙහෙමයි

දෙසැම්බර් 31 ට පෙර සියලුම පාසල්වල කරන්න යන වෙනස - ගුරු ස්ථාන මාරු දෙන්නෙත් මෙහෙමයි

ශ්‍රී ලංකා පොලීසිය විසින් කිසිදු විමර්ශන කටයුත්තක් සඳහා මහජනතාවගෙන් මුදල් අය නොකරන බව සිහිපත් කරන බලධාරීන්, මෙවැනි අසත්‍ය ප්‍රචාර සහ වංචනිකයින් පිළිබඳව වහාම තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටියි.

ඒ අනුව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධීක්ෂණ නිලධාරීන් සම්බන්ධ කරගත හැකි 071 859 2918, 071 859 1765 යන ජංගම අංක වෙත හෝ 011 2300 756 යන ස්ථාවර අංකය වෙත තොරතුරු සහ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

ජනප්‍රිය ගායන ශිල්පී චිලීට වැඩ වරදියි - පොලිස් නිලධාරීන්ට තර්ජනය කර පහර දීමට තැත් කෙරූ වරදට අධිකරණයෙන් දැඩි දඩුවම්

ජනප්‍රිය ගායන ශිල්පී චිලීට වැඩ වරදියි - පොලිස් නිලධාරීන්ට තර්ජනය කර පහර දීමට තැත් කෙරූ වරදට අධිකරණයෙන් දැඩි දඩුවම්

වහාම ක්‍රියාත්මක පරිදි මත් පැන් මිලත් ඉහළට - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක පරිදි මත් පැන් මිලත් ඉහළට - නව අගයන් මෙන්න