අනතුරුදායක තත්ත්වයක් - ගුවන්තොටුපොළේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවයි
ඉන්දුනීසියාවේ 'අනක් ක්‍රකටෝවා'ගිනි කන්ද හදිසියේ සක්‍රිය වී විශාල වශයෙන් වායුගෝලයට අළු, දුම් සහ ලාවා විමෝචනය කිරීම හේතුවෙන් ජකර්තා අගනුවර පිහිටි ප්‍රධානතම ගුවන්තොටුපොළ වන සුකර්නෝ-හත්තා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
ගිනි කන්දේ ක්‍රියාකාරීත්වය එකවරම සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් අද (06) දහවල් කාලය දක්වා ගුවන් ගමන් සියල්ල අත්හිටුවීමට තීරණය කළ බව ගුවන්තොටුපොළ බලධාරීන් ප්‍රකාශ කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සිකුරාදා රාත්‍රියේ සිට ආරම්භ වූ මෙම ප්‍රබල ගිනි කඳු පිපිරීමත් සමඟ පිටවූ අධික ශබ්දය කිලෝමීටර 700ක් පමණ ඈත ප්‍රදේශවලට පවා තදින් ඇසුණු බව ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරයි.
ගිනි කන්දෙන් නිකුත් වූ අළු සහ දුම් පටලය අහසට කිලෝමීටර 15ක් (අඩි 50,000ක්) පමණ ඉහළට විහිදී ගොස් ඇති අතර, ගුවන්තොටුපොළ පරිශ්‍රය සහ ධාවන පථ තුළ ද ගිනි කඳු අළු තැන්පත් වී ඇති බව සිදුකළ විශේෂ පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
කෙසේ වෙතත්, මෙම විශාල ගිනි කඳු පිපිරීම හේතුවෙන් වෙරළාශ්‍රිත ප්‍රදේශවලට සුනාමි අවදානමක් මතුව නොමැති බව ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ ඒජන්සිය නිල වශයෙන් තහවුරු කර ඇත.