සියලු දෙනාගේ සෝ සුසුම් මැද ඩෝරා යාත්‍රා අනතුරින් දිවි අහිමි වූ නාවික හමුදා නිලධාරියාගේ දේහය නිවසට

Report

පසුගිය අගෝස්තු මස 15 වැනි දින නාවික හමුදා ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් අතුරුදහන්ව සිට පසුව සොයාගන්නා ලද නාවික හමුදා නිලධාරියාගේ දේහය ඊයේ (05) රාත්‍රියේ බොරලැස්ගමුව, වේරහැර පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙනවිත් තිබේ.

අනතුරට ලක්වූ අදාළ ඩෝරා ප්‍රහාරක යාත්‍රාවේ දෙවන අණදෙන නිලධාරියා ලෙස මොහු සේවය කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව තහවුරු කරයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (07) දිනයේදී පූර්ණ නාවික හමුදා උත්තමාචාර සහිතව වේරහැර පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.

සැප්තැම්බර් 12 අනුරාධපුර රැලිය පැවැත්වීම සම්බන්ධයෙන් පොහොට්ටුවෙන් විශේෂ තීරණයක්

සැප්තැම්බර් 12 අනුරාධපුර රැලිය පැවැත්වීම සම්බන්ධයෙන් පොහොට්ටුවෙන් විශේෂ තීරණයක්

අනතුරුදායක තත්ත්වයක් - ගුවන්තොටුපොළේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවයි

අනතුරුදායක තත්ත්වයක් - ගුවන්තොටුපොළේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවයි