මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ යාත්‍රාවක් සහ ධීවර ආම්පන්න සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස අල්ලා ගත් මුහුදු කූඩැල්ලන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු යාපනය, කුඩරප්පු වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේණි නාවික ස්ථානගත කිරීමේ ආයතනය මඟින් ඊයේ (05) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම වැටලීම සිදුකර ඇත. වෙරළ ආසන්නයේ සැකකටයුතු ලෙස නිරීක්ෂණය වූ යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී, නීතිවිරෝධී ලෙස අල්ලා ගොඩබිම වෙත ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 673 දෙනෙකු සොයා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අවුරුදු 51ත් 56ත් අතර වයස්වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. සැකකරුවන් සමඟ මුහුදු කූඩැල්ලන් තොගය, ප්‍රවාහනය සඳහා යොදාගත් යාත්‍රාව සහ ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, යාත්‍රාව සහ ධීවර ආම්පන්න වැඩිදුර නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇත.