පැය 24ක් යනතුරු වලංගු අතිවිශේෂ නිවේදනයක් - ලංකාව පුරාම අද සහ හෙට වෙන දේ මෙන්න

Report

නැගෙනහිර සහ ඌව පළාත් මෙන්ම පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු අනතුරු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනයට අනුව, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

සියලු දෙනාගේ සෝ සුසුම් මැද ඩෝරා යාත්‍රා අනතුරින් දිවි අහිමි වූ නාවික හමුදා නිලධාරියාගේ දේහය නිවසට

සියලු දෙනාගේ සෝ සුසුම් මැද ඩෝරා යාත්‍රා අනතුරින් දිවි අහිමි වූ නාවික හමුදා නිලධාරියාගේ දේහය නිවසට

එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයන් ද ඇති විය හැකිය.

අකුණු මඟින් සිදුවන අනතුරු සහ හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

අද (06) පෙරවරු 11.30ට නිකුත් කරන ලද මෙම විශේෂ කාලගුණ නිවේදනය හෙට (07) පෙරවරු 11.30 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වේ.

උසස් පෙළ විභාගය ඊයේ අවසන්- ප්‍රතිඵල සහ ප්‍රායෝගික විභාග ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

උසස් පෙළ විභාගය ඊයේ අවසන්- ප්‍රතිඵල සහ ප්‍රායෝගික විභාග ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්