උසස් පෙළ විභාගය ඊයේ අවසන්- ප්‍රතිඵල සහ ප්‍රායෝගික විභාග ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Report

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ, ඇගයීම් ක්‍රියාවලිය අදියර තුනක් යටතේ සිදුකරන බවයි.

ඇගයීම් කටයුතු ඔක්තෝබර් 25 වනදා වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබේ. මේ අතර, උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සැප්තැම්බර් 24 වනදා ආරම්භ කිරීමට නියමිත බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

එමෙන්ම, මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම වසර අවසන් වීමට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද ඇය පැවසුවාය. අගෝස්තු 10 වනදා ආරම්භ වූ මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය ඊයේ (05) අවසන් විය. මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 372,310 දෙනෙකු පෙනී සිටියහ.

10 සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ට බරපතළ අර්බුදයක් - පාසල් හා ජාතික මට්ටමින් ප්‍රමුඛතාව දීමට උපදෙස්

10 සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ට බරපතළ අර්බුදයක් - පාසල් හා ජාතික මට්ටමින් ප්‍රමුඛතාව දීමට උපදෙස්

ඔබේ සාර්ථකත්වයට මග කියා දෙන අද ලග්න පලාපල මෙන්න

ඔබේ සාර්ථකත්වයට මග කියා දෙන අද ලග්න පලාපල මෙන්න