ලංකාවේ සංචාරක කර්මාන්තයට සුබ ආරංචියක්- රුසියාවේ Azur Air වසරකට පසු නැවතත් ලංකාවට
By Kanchana
රුසියාවේ ප්‍රධානතම කුලී ගුවන් සේවාවක් වන Azur Air, 2026/2027 ශීත ඍතු සමය සඳහා ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වී ඇත Russian Travel Digest වාර්තාවකට අනුව, වසරක පමණ විරාමයකින් පසු ලබන නොවැම්බර් 2 වැනිදා සිට මෙම ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට නියමිතය.
මෙවර Azur Air ගුවන් ගමන් රුසියාවේ නගර අටක සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඉන් නගර පහක් නව පිටත්වීම් ස්ථාන ලෙස එක් කර ඇති බව සඳහන් වේ .
මේ අතර, Aeroflot සහ S7 Airlines ද මෙම ශීත ඍතු සමයේදී ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වී තිබේ