වහාම ක්‍රියාත්මක පරිදි මත් පැන් මිලත් ඉහළට - නව අගයන් මෙන්න

Report

ඉන්ධන මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් සිය මත්පැන් නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙරට වැඩිම අලෙවියක් සහිත ගල් අරක්කු මිලිලීටර් 750 බෝතලයක මිල රුපියල් 20කින් ද, බෝතල් භාගයක මිල රුපියල් 10කින් ද, පරණ අරක්කු බෝතලයක මිල රුපියල් 50කින් ද ඉහළ ගොස් ඇත.

වහාම දැනුවත් වෙන්න රජයෙන් දැනුම්දීමක් - මේ පලාත් හා දිස්ත්‍රික්ක පුරාවටම ක්‍රියාත්මකයි

වහාම දැනුවත් වෙන්න රජයෙන් දැනුම්දීමක් - මේ පලාත් හා දිස්ත්‍රික්ක පුරාවටම ක්‍රියාත්මකයි

මීට අමතරව විස්කි සහ බ්‍රැන්ඩි වර්ගයේ මත්පැන් බෝතලයක මිල රුපියල් 100කින් වැඩි කිරීමට අදාළ සමාගම් කටයුතු කර තිබේ. මීට මාසයකට පමණ පෙර ද අදාළ සමාගම විසින් වෙනත් මත්පැන් වර්ග කිහිපයක මිල ගණන් ඉහළ දමා තිබූ නමුත් මෙවර බියර් මිල ගණන්වල කිසිදු වෙනසක් සිදුව නොමැත.

මීට පෙර මත්පැන් සඳහා පාලන මිලක් ක්‍රියාත්මක වූවත්, මේ වන විට එවැන්නක් නොමැති වීම හේතුවෙන් නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව මිල ගණන් සංශෝධනය කිරීමට සමාගම්වලට අවස්ථාව ලැබී ඇති බව මත්පැන් නිෂ්පාදකයෝ සඳහන් කරති.

දෙසැම්බර් 31 ට පෙර සියලුම පාසල්වල කරන්න යන වෙනස - ගුරු ස්ථාන මාරු දෙන්නෙත් මෙහෙමයි

දෙසැම්බර් 31 ට පෙර සියලුම පාසල්වල කරන්න යන වෙනස - ගුරු ස්ථාන මාරු දෙන්නෙත් මෙහෙමයි