දිස්ත්‍රික්ක 7කට වියළි කාලගුණයේ සැර බලපෑමක්- ලක්ෂයකට අධික පිරිසකට පානීය ජලය බෙදා හැරේ

Report

වියළි කාලගුණයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35ක් සඳහා තවදුරටත් පානීය ජලය බෙදා හරිමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කර තිබේ.

 එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ වියළි කාලගුණය හේතුවෙන් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පුද්ගලයින් 113,354කට පානීය ජලය බෙදා හැර ඇති බවය.

මින් වැඩිම බලපෑම සිදුව ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08ක පවුල් 12,732ක පුද්ගලයින් 41,360 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 11,142කට අයත් පුද්ගලයින් 33,394ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 5,435කට අයත් පවුල් 20,418 දෙනෙකු සඳහාද පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇත.

ඔබේ සාර්ථකත්වයට මග කියා දෙන අද ලග්න පලාපල මෙන්න

ඔබේ සාර්ථකත්වයට මග කියා දෙන අද ලග්න පලාපල මෙන්න

වියළි කාලගුණය හේතුවෙන් මේ වන පවුල් 35,149කට අයත් පුද්ගලයින් 115,534 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති අතර වැඩිම බලපෑම එල්ල වී ඇත්තේද මොනරාගල දිස්ත්‍රික්කයටය.

මීට අමතරව අම්පාර, අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, පොළොන්නරුව, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහාද වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.