ආණ්ඩුවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යන්න සැරසෙයි - බහුජන බලයෙන් දැඩි තීරණයක්
ආණ්ඩුවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට නිල වශයෙන් පැමිණිලි කිරීමට කටයුතු කරන බව බහුජන බලය සංවිධානයේ මිලින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
මානව හිමිකම් කොමිසමේ මීළඟ සභාවාරය ලබන සඳුදා ආරම්භ වන බවත්, ඒ අනුව ලබන අඟහරුවාදා ශ්‍රී ලංකාව තුළ සිදුවන දේශපාලන අතපෙවීම් සම්බන්ධයෙන් ජිනීවා කවුන්සිලයේදී කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් සිදුකරන ඒකාධිපති අතපෙවීම්, අධිකරණයේ ස්වාධීනත්වයට සිදුකරන බලපෑම්, ජනතා විරෝධී ලෙස ව්‍යවස්ථාව වෙනස් කිරීමට දරන උත්සාහයන් සහ ශ්‍රී ලංකාව තුළ දිගින් දිගටම සිදුවන දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් එහිදී කරුණු දැක්වීමට නියමිත බවද මිලින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එමෙන්ම විපක්ෂය පදනම් කරගෙන මෙහෙයවන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මෙහෙයුම් මෙන්ම, ආණ්ඩුවේ නොවන පිරිස් දේශපාලන මතයක් දැක්වීමේදී මුහුණ දීමට සිදුවන අතවර සම්බන්ධයෙන්ද ලබන අඟහරුවාදා ජිනීවා කවුන්සිලයේදී ප්‍රකාශ කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.