දිස්ත්‍රික්ක 17කට කාලගුණයෙන් රතු නිවේදනයක්

Report

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, සබරගමුව, වයඹ පළාත් සමඟ කොළඹ, ගම්පහ සහ මොනරාගල ඇතුළු දිස්ත්‍රික්ක 17කට උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව හෙට (03) දිනයේ දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පැවතිය හැකි බව සඳහන් වේ.

මෙවැනි තත්ත්වයන් යටතේ දිගු වේලාවක් සෘජුව හිරු රශ්මියට නිරාවරණය වීම සහ දෛනික ක්‍රියාකාරකම්වල නියුතුවීම හේතුවෙන් තෙහෙට්ටුවක් ඇතිවිය හැකි බවද නිවේදනයේ දැක්වේ.

රාත්‍රී 11.30 වන තුරු බලපැවැත්වෙන විශේෂ නිවේදනයක් - සියලු දෙනා අවධානෙන්

රාත්‍රී 11.30 වන තුරු බලපැවැත්වෙන විශේෂ නිවේදනයක් - සියලු දෙනා අවධානෙන්

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට රථවාහන සැලැස්මේ වෙනසක්

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට රථවාහන සැලැස්මේ වෙනසක්

තවද, දිගු වේලාවක් වැඩ කිරීම හේතුවෙන් විජලනය සහ ශරීරයෙන් ලවණ ඉවත්වීම සිදුවීමෙන් මස්පිඩු පෙරලීම් වැනි අසනීප තත්ත්ව ඇතිවිය හැකි බවද අනතුරු අඟවා ඇත.

එබැවින්, වැඩි ප්‍රමාණයෙන් ජලය පානය කිරීම, සෘජු හිරු රශ්මියෙන් වැළකීම සහ අත්‍යවශ්‍ය නොවන බාහිර ක්‍රියාකාරකම් සීමා කිරීම සඳහා ජනතාවට උපදෙස් ලබාදී ඇත. 

Gallery