කටුවාන ගින්නට හසු වු පිරිසෙන් 5ක් මරුට - ගින්න පාලනයට දැඩි පරිශ්‍රමයක්
By Mithu
හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්තශාලාවක අද (21) උදෑසන හටගත් දරුණු ගින්නෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හෝමාගම පොලීසිය තහවුරු කරයි.
ගින්න හටගැනීමත් සමඟ ප්‍රදේශය පුරා දැඩි දුමාරයක් පැතිර ගොස් ඇති අතර, ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීම සඳහා ගිනි නිවන හමුදාව ඇතුළු අදාළ අංශ මේ වන විටත් දැඩි පරිශ්‍රමයක නිරත වෙමින් සිටියි.
ගින්න ආරම්භ වූ අවස්ථාවේදී එහි සේවය කරමින් සිටි පිරිසක් බේරා ගැනීමට ප්‍රදේශයේ පුද්ගලයෙකු කටයුතු කර තිබේ. තමන් එක් දොරටුවකින් පිරිසක් ආරක්ෂිතව එළියට රැගෙන ආ බවත්, තවත් පිරිසක් පිටුපස දොරටුවෙන් ඉවතට යන්නට ඇති බවට සැක පළ කරන බවත් ඔහු මාධ්‍ය වෙත පවසා ඇත.
එමෙන්ම, එහි අතුරුදහන්ව සිටින පිරිස පිළිබඳ සොයා බැලීම සඳහා තමන්ට නැවතත් ඒ දෙසට යෑමට අවශ්‍ය බව ද ඔහු මාධ්‍ය හමුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.