ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් - මූල්‍ය ආයතන 11ට දඩ

Report

2006 අංක 06 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මඟින් මූල්‍ය ආයතන 11කට එරෙහිව දඩ මුදල් පැනවීමට පියවර ගෙන තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා වූ කාල සීමාව තුළ එකී මූල්‍ය ආයතන විසින් සිදුකරන ලද අදාළ නීති උල්ලංඝනය කිරීම් සලකා බලමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙලෙස දඩ පනවා ඇති බව සඳහන් වේ.

පලතුරු විකුණන වෙළදුන්ට රජයෙන් විශේෂ නීතියක් - මේ විදිහට ආයේ පලතුරු විකිණීම තහනම්

පලතුරු විකුණන වෙළදුන්ට රජයෙන් විශේෂ නීතියක් - මේ විදිහට ආයේ පලතුරු විකිණීම තහනම්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ප්‍රධාන නියාමන ආයතනය ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් මෙම ආයතන 11 වෙත නියම කර ඇති සමස්ත දඩ මුදල රුපියල් මිලියන 14.6කි.

පරිපාලනමය දණ්ඩනයන් ලෙස අය කරගන්නා ලද මෙම සියලුම දඩ මුදල් මේ වන විටත් රජයේ ඒකාබද්ධ අරමුදල වෙත බැර කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කරයි.

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි