මේ ප්‍රදේශවලට යාත්‍රා කරන සියලුම බහුදින ධීවර යාත්‍රා සඳහා විශේෂ නිවේදනයක් - අක්වාන් ප්‍රබල සුළි කුණාටුව ප්‍රබල වේ

Report

බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අද (18) පස්වරු 3.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට පස්වරු 3.00 දක්වා වලංගු වේ.

බෙංගාල බොක්කේ දකුණු සහ ඊට යාබද බටහිර - මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ‘අක්වාන්’ ප්‍රබල සුළි කුණාටුව, අද පෙරවරු 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයේ සිට දළ වශයෙන් කිලෝමීටර් 680ක් පමණ ඊසාන දෙසින්, උතුරු අක්ෂාංශ 13.1° සහ නැගෙනහිර දේශාංශ 85.4° ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුණි.

නාමල් රාජපක්ෂට ලබා දුන් ඇප නියෝගයට මහාධිකරණයෙන් අතුරු තහනමක්

නාමල් රාජපක්ෂට ලබා දුන් ඇප නියෝගයට මහාධිකරණයෙන් අතුරු තහනමක්

මෙම පද්ධතිය තවදුරටත් උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින්, නොවැම්බර් 20 වැනි දින උදෑසන 11.30 පමණ වන විට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරයේ නෙලෝර් සහ විශාකාපට්නම්  අතරින් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

සංචාරක සංවර්ධන බද්ද ඉවතට.. කුඩා හෝටල් සහ අවන්හල්වලට ප්‍රතිලාභ රැසක් - සංචාරක ඇමති

සංචාරක සංවර්ධන බද්ද ඉවතට.. කුඩා හෝටල් සහ අවන්හල්වලට ප්‍රතිලාභ රැසක් - සංචාරක ඇමති

එමනිසා, උතුරු අක්ෂාංශ 10ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.

එමෙන්ම, දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදී සිටින ප්‍රජාවන්ට වහාම ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙස උපදෙස් දී ඇති අතර, මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.