පෞද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙන සහන සහ බදු ප්‍රතිලාභ ගැන ඇමති වසන්තගෙන් ප්‍රකාශයක් [VIDEO]

Report

රාජ්‍ය අංශයේ සේවකයන්ට ලබාදෙන සහනවලට අමතරව පෞද්ගලික අංශයේ සේවකයන්ටද බදු සහන, නිවාස පහසුකම් සහ සේවා ප්‍රතිලාභ ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අද (18) බදාදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, PAYE බදු සංශෝධන හරහා පෞද්ගලික අංශයේ බදු ගෙවන සේවකයන්ටද රාජ්‍ය සේවකයන්ට හිමිවන ආකාරයේ බදු සහන ලබාදී ඇති බවයි.

PAYE බදු අය කිරීමේදී මීට පෙර රුපියල් 120,000ක්ව පැවති මාසික බදු නිදහස් සීමාව පළමු වසරේදී රුපියල් 150,000 දක්වා ඉහළ නැංවූ බවත්, මෙම වසරේදී එය රුපියල් 162,500 දක්වා වැඩි කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම බදු අය කරන ආදායම් සීමාවන් හෙවත් බදු ස්ථර සංශෝධනය කරමින් සේවකයන්ට තවදුරටත් සහන ලබාදී ඇති බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව පළමු රුපියල් මිලියන 1.95ක ආදායම බද්දෙන් නිදහස් කර ඇති අතර, ඊළඟ ආදායම් කොටසට සියයට 6ක බද්දක්ද, ඉන් අනතුරුව ඇති ආදායම් කොටසට සියයට 12ක බද්දක්ද අය කෙරෙන බව ඔහු පැහැදිලි කළේය.

දරුවන්ට අලෙවි ක‍රන අයිස්ක්‍රීම්වල ප්‍රමිතිය ගැනත් ඇමති නලින්ද කතා කරයි - කොම්පඤ්ඤවීදියේ වෙළෙඳසැලකටත් දඩයක්

දරුවන්ට අලෙවි ක‍රන අයිස්ක්‍රීම්වල ප්‍රමිතිය ගැනත් ඇමති නලින්ද කතා කරයි - කොම්පඤ්ඤවීදියේ වෙළෙඳසැලකටත් දඩයක්

මෙම සංශෝධන හේතුවෙන් සියයට 36ක උපරිම බදු අනුපාතයට යටත් වන වැටුප් ලබන්නෙකුට 2027 වසරේදී මාසිකව රුපියල් 15,833ක පමණ බදු සහනයක් හිමිවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එය වාර්ෂිකව රුපියල් 190,000කට ආසන්න සහනයක් බවද ඔහු සඳහන් කළේය.

මෙම බදු සහන හේතුවෙන් රජයට අහිමි වන බදු ආදායම රුපියල් මිලියන 16,000ක් පමණ වන බවත්, එම සහනය බදු ගෙවන ජනතාවට ලබාදෙන බවත් වසන්ත සමරසිංහ මහතා පැවසීය.

මීට අමතරව පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා රජයේ නිවාස ව්‍යාපෘතිවල ප්‍රමුඛතාව ලබාදීම පිළිබඳවද අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

සේවක අර්ථසාධක අරමුදල (EPF) හරහා පෞද්ගලික අංශයේ සේවකයන්ට හිමි ප්‍රතිලාභ වැඩි කිරීම සහ එම අරමුදල යොදාගනිමින් නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම පිළිබඳ යෝජනාද ඉදිරිපත් වී ඇති බව ඔහු පැවසීය.

එමෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය යෝජනාවක් සකස් කිරීම පිළිබඳවද කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෑන්පවර් සේවක ක්‍රමය යටතේ සේවයේ නිරත වන අත්‍යවශ්‍ය රාජකාරිවල යෙදෙන සේවකයන්ට ස්ථිර රැකියා ලබාදීමේ හැකියාව පිළිබඳවද සොයා බලන බව ඔහු පැවසීය.

අතිකාල සේවයේ නිරත වන පෞද්ගලික අංශයේ සේවකයන්ටද අතිකාල දීමනා ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ආයෙත් මාස්ක් දාගෙන පාරට බහින්න වෙයිද? - වායු දූෂණය ඉහළ යාමෙන් විශේෂ දැනුම්දීමක්

ආයෙත් මාස්ක් දාගෙන පාරට බහින්න වෙයිද? - වායු දූෂණය ඉහළ යාමෙන් විශේෂ දැනුම්දීමක්

වතු සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ, මෙම වසරේදී වතු සේවකයන්ගේ මාසික ආදායම රුපියල් 10,000කින් ඉහළ නැංවීමට රජය පෞද්ගලික අංශයේ දායකත්වයද ලබාගෙන කටයුතු කළ බවයි.

පෙර පැවති සාමූහික ගිවිසුම් යටතේ දිනක වැටුප් වැඩිවීම් රුපියල් 350, 400 සහ 500 වැනි මට්ටම්වල පැවති බව සඳහන් කළ අමාත්‍යවරයා, රජය මැදිහත්වීමෙන් දිනකට රුපියල් 400ක වැටුප් වැඩිවීමක් ලබාදීමට කටයුතු කළ බවද පැවසීය.

දින 25ක් සේවය කරන වතු කම්කරුවෙකුට ඒ අනුව මාසිකව රුපියල් 10,000ක අමතර ආදායමක් හිමිවන බවත්, එම සහනය සඳහා ලබන වසරේදීද මුදල් වෙන් කිරීමට රජය කටයුතු කර ඇති බවත් වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ ප්‍රදේශවලට යාත්‍රා කරන සියලුම බහුදින ධීවර යාත්‍රා සඳහා විශේෂ නිවේදනයක් - අක්වාන් ප්‍රබල සුළි කුණාටුව ප්‍රබල වේ

මේ ප්‍රදේශවලට යාත්‍රා කරන සියලුම බහුදින ධීවර යාත්‍රා සඳහා විශේෂ නිවේදනයක් - අක්වාන් ප්‍රබල සුළි කුණාටුව ප්‍රබල වේ