ශෂී වීරවංශගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි - වසර දෙකක සිර දඬුවම සහ රුපියල් ලක්ෂයක දඩ මුදලක්

Report

අක්‍රමවත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය කරමින් තමන්ට නියම කළ සිර දඬුවමට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට නියම කර තිබූ වසර දෙකක සිර දඬුවම සහ රුපියල් ලක්ෂයක දඩ මුදල තවදුරටත් තහවුරු වී ඇත.

අදාළ වරද සම්බන්ධයෙන් 2022 මැයි 27 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇය වරදකාරිය කරමින් වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් 100,000ක දඩයක් නියම කර තිබුණි.

එම තීන්දුවට එරෙහිව ඇය කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළ අතර, 2026 ජුනි 11 වැනිදා එම අභියාචනය ද ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව තහවුරු කිරීමට මහාධිකරණය පියවර ගත්තේය.

කෙසේ වෙතත්, එම තීන්දුවට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවදුරටත් අභියාචනයක් ගොනු කර තිබුණි. එම අභියාචනය ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ශෂී වීරවංශ මහත්මියට නියම කර තිබූ වසර දෙකක සිර දඬුවම සහ දඩ මුදල තහවුරු වී තිබේ.

එයාර්බස් ගනුදෙනුවේ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසන් කෙරේ - ඉදිරි නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී

එයාර්බස් ගනුදෙනුවේ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසන් කෙරේ - ඉදිරි නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී

රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු දෙදෙනෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට

රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු දෙදෙනෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට