සංචාරක සංවර්ධන බද්ද ඉවතට.. කුඩා හෝටල් සහ අවන්හල්වලට ප්‍රතිලාභ රැසක් - සංචාරක ඇමති

Report

2027 අයවැය යටතේ සංචාරක සංවර්ධන බද්ද ඉවත් කිරීමට රජය ගත් තීරණයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ හෝටල්, අලුතින් පිහිටුවන ලද අවන්හල් සහ සංචාරක ව්‍යාපාරයට අදාළ අනෙකුත් ව්‍යාපාරවලට ප්‍රතිලාභ ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඊයේ (17) දින පැවති ශ්‍රී ලංකා හෝටල් සංගමයේ (THASL) 61 වන සංවත්සර සැමරුම් උත්සවයේදී අදහස් දක්වමින් මෙම තීරණයේ අරමුණ ලෙස ඔහු සඳහන් කළේ සංචාරක අංශයේ ක්‍රියාත්මක වන ව්‍යාපාර සඳහා වන මූල්‍යමය බර ලිහිල් කිරීමයි.

එසේම සංචාරක කර්මාන්තය මීට පෙර ද්විත්ව බදුකරණයකට ලක්ව තිබූ බව පෙන්වා දුන් ඔහු, බද්ද ඉවත් කිරීම ව්‍යාපාරවලට, විශේෂයෙන් කුඩා ක්‍රියාකරුවන්ට අත්‍යවශ්‍ය සහනයක් ලබා දෙන බවත් සඳහන් කර ඇත.

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්

එසේම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අභ්‍යන්තර හා බාහිර අභියෝග රැසකට මුහුණ දී ඇති බව අමාත්‍යවරයා පිළිගත්ත ද, දිගුකාලීන උපායමාර්ගික සැලැස්මක් ඔස්සේ එම අංශය ශක්තිමත් කිරීමට රජය කැපවී සිටින බවත් ඔහු අවධාරණය කර ඇත.

එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කළේ සංචාරක කර්මාන්තය තිරසාරව පවත්වාගෙන යාම සහ සංවර්ධනය කිරීමට පෞද්ගලික අංශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බවත්, රජයේ වගකීම වන්නේ එහි වර්ධනයට සහාය වීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති, නීති සහ නියාමන රාමුව ස්ථාපිත කිරීම බවත් ය.

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

මේ අතර කර්මාන්තය ශක්තිමත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට රජය සූදානම් බව අමාත්‍ය විජිත හේරත් මහතා තවදුරටත් සහතික කළ අතර, එහි අඛණ්ඩ වර්ධනය වෙනුවෙන් සියලුම පාර්ශ්වකරුවන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය අත්‍යවශ්‍ය බව ද අවධාරණය කර ඇත.

එසේම මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා, හෝටල් කර්මාන්තයට සම්බන්ධ රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතනවල තානාපතිවරුන් සහ නියෝජිතයින් මෙම එක්ව ඇත.

තාත්තේ අද ළඟ ඉන්න බැරි වුණත්.. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ 81 වැනි ජන්ම දිනයට නාමල්ගෙන් සංවේදී සටහනක්

තාත්තේ අද ළඟ ඉන්න බැරි වුණත්.. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ 81 වැනි ජන්ම දිනයට නාමල්ගෙන් සංවේදී සටහනක්