පොලිස්පති සහ UAE ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් අතර හමුවක් - පොලිස්පතිවරයාගෙන් ස්තූතිය
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් අතර විශේෂ හමුවක් සිදුව තිබේ.
මෙම මස 15 වැනිදා සිට 19 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන වාර්ෂික ලෝක පොලිස් සමුළුවට සහභාගී වී සිටින අතරතුර මෙම සාකච්ඡා පවත්වා ඇත.
මෙරටින් පළාගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ සිදු කළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට භාරදීමට මෙන්ම පිටුවහල් කිරීමට කඩිනමින් ක්‍රියා කරමින් එරට දක්වන රාජතාන්ත්‍රික සහයෝගය පිළිබඳව පොලිස්පතිවරයා එහිදී එරට නිලධාරීන් වෙත සිය ස්තූතිය පුද කර තිබේ.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඩුබායිහි පොලිස් සහ මහජන ආරක්ෂක නියෝජ්‍ය ප්‍රධානී, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ෆෙඩරල් පොලිස් කවුන්සලයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඩාහි කල්ෆාන් තමීම් මහතා ඇතුළු එරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් හමුවී මෙලෙස සාකච්ඡා පවත්වා ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් වන සිරි බිජූන් මහත්මිය මෙන්ම ඩුබායි පොලීසියේ ජාත්‍යන්තර සහයෝගීතා අංශයේ අධ්යක්ෂවරයා ද පොලිස්පතිවරයා හමුවූ ආරක්ෂක ප්‍රධානීන් අතර වේ.
වර්තමාන රජයෙන් කෙරෙන ප්‍රථම රාජ්‍ය ව්‍යාපාර සහ ආයතන එකාබද්ධ කිරීමේ ඓතිහාසික නිල පියවර - අතිවිශේෂ ගැසට් පත්‍රයක්
මෙම සියලු අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා ද සහභාගී වී තිබේ.