වාහන ආදායම් බලපත්‍ර ලෝලීන් පාරට බහින්න කලින් මේක බලන්න - දින කිහිපයකට සේවා මුළුමනින්ම නතර වෙයි
බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු 2026 නොවැම්බර් 19 වැනිදා සිට නොවැම්බර් 23 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සසික ජයසිංහ මහතා මේ බව නිවේදනය කර ඇත.
ඒ අනුව අදාළ කාලසීමාව තුළ සාමාන්‍ය ක්‍රමවේදය යටතේ මෙන්ම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ද වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිදු නොකෙරේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක හා මෙහෙයුම් පද්ධති වැඩිදියුණු කිරීමේ කටයුතු මෙන්ම මහජනතාව වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් මෙම තාවකාලික අත්හිටුවීම සිදුකර තිබේ.
මේ හේතුවෙන් මහජනතාවට ඇතිවිය හැකි අපහසුතා අවම කිරීම සඳහා නොවැම්බර් 25 වැනිදා සිට 27 වැනිදා දක්වා විශේෂ සහන කාලයක් ලබාදීමට ද තීරණය කර ඇත.
ඒ අනුව අත්හිටුවීම හේතුවෙන් නියමිත දිනට වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට නොහැකි වූ පුද්ගලයන්ට නොවැම්බර් 27 වැනිදාට පෙර අදාළ කාර්යාල වෙත පැමිණ තම ආදායම් බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව හිමිවේ.
එබැවින් අදාළ කාලසීමාව පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස බස්නාහිර පළාතේ වාහන හිමියන්ට දැනුම් දී තිබේ.