නකල්ස්හි සිදුවීමට අදාළ දැරියට සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වීමට මනෝ උපදේශන ලබාදීමට පියවර
නකල්ස්හි සිදුවීමට අදාළ දැරියට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වීමට අවශ්‍ය මනෝ සමාජීය උපදේශන සහාය ලබාදීමට පියවර ගෙන තිබේ.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය විසින් ලබා දී ඇති උපදෙස්වලට අනුකූලව, ජාතික ළමාරක්ෂක අධිකාරිය හරහා ඇයට අවශ්‍ය සියලු සහායන් ලබාදීමට කටයුතු කරන ලෙස එම අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
එයාර්බස් ගනුදෙනුවේ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසන් කෙරේ - ඉදිරි නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී
ඒ අනුව, අදාළ දැරියගේ අනිවාර්ය අධ්‍යාපන වයස අවසන් වන තුරු හෝ ඇයගේ රුචිකත්වය පරිදි උසස් අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමුවන තුරු ඊට අදාළ මූල්‍ය දීමනාව සැපයෙනු ඇති බව සඳහන් වේ.
මීට අමතරව, බිළිඳියගේ ද පෝෂණ සහ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් ඇයට ද 'අර්ථ' දීමනාව සැපයීමට අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබේ.