දිවයින පුරා විශේෂ වැඩමුළුවක් - ජාතික පාරිසරික පනත පිළිබඳ දැනුවත් කිරීමක්

By Ashfa Nov 18, 2026 10:10 AM GMT
Report

විශේෂ පාරිසරික වැඩමුළුවක් පුස්තකාල සේවාව හරිතවත් කිරීම සහ පුස්තකාල පද්ධතිය ඔස්සේ දරු දැරියන් ඇතුළු සමස්ත මහජනතාවගේ පාරිසරික දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කර තිබේ.

ඒ අනුව අද (18) මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ්‍රී ලංකා පුස්තකාල සංගමය එක්ව මෙම විශේෂ පාරිසරික වැඩමුළුව සංවිධාන කර ඇත. මෙම වැඩමුළුව සඳහා දිවයින පුරා සිටින පුස්තකාලයාධිපතිවරුන් වෙනුවෙන් පැවැති අතර 100කට අධික සංඛ්‍යාවක් සහභාගී වී ඇත.

පියා විභාග දෙපාර්තුමේන්තුවේ - පුතා විභාගයෙන් ප්‍රථම ස්ථානය - ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හෙළිකළ මන්ත්‍රී රෝහිණි

පියා විභාග දෙපාර්තුමේන්තුවේ - පුතා විභාගයෙන් ප්‍රථම ස්ථානය - ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හෙළිකළ මන්ත්‍රී රෝහිණි

මෙහිදී ජාතික පාරිසරික පනත පිළිබඳ දැනුම්වත් කිරීම, පරිසර ආරක්ෂණය හා කළමනාකරණය උදෙසා පුස්තකාල හරහා ඉටුකළ හැකි කාර්යභාරය මෙන්ම නවීන තාක්ෂණික මෙවලම් භාවිත කරමින් පුස්තකාල සේවාව හරිතවත් කරගත හැකි ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.