මුදල් විශුද්ධිකරණ නීති කැඩූ ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක් ඇතුළු සමාගම් දෙකකට මහ බැංකුවෙන් ලක්ෂ 33ක දඩයක් – සමාගම්වල නම් මෙන්න

Report

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් සමාගම් දෙකකට රුපියල් මිලියන 3.3ක දඩ මුදලක් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) පියවර ගෙන තිබේ.

මහ බැංකුව විසින් අද (18) නිකුත් කළ නිවේදනයකට අනුව, 2026 අප්‍රේල් සහ ජූනි මාස අතර කාලසීමාව තුළ මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත (Financial Transactions Reporting Act) යටතේ මෙම දඩ මුදල් පනවා ඇත.

Commercial Credit & Finance PLC සමාගමට රුපියල් මිලියන 3ක දඩයක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අදාළ සම්බාධක යටතේ නම් කර ඇති පුද්ගලයෙකු සමඟ ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීම සහ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු මත Commercial Credit & Finance PLC සමාගමට රුපියල් මිලියන 3ක දඩයක් පනවා තිබේ.

ව්‍යාපාරික සබඳතා ආරම්භ කිරීමේදී පාරිභෝගිකයන් නිසි පරිදි හඳුනාගෙන තහවුරු කිරීමටත්, සමාගමේ පාරිභෝගික දත්ත පද්ධතියේ සිටින පුද්ගලයන් සහ ආයතන සම්බාධක යටතේ නම් කර ඇති පුද්ගලයන්ගේ සහ ආයතනවල යාවත්කාලීන ලැයිස්තු සමඟ සසඳා පරීක්ෂා කිරීමටත් සමාගම අපොහොසත් වී ඇති බව මූල්‍ය බුද්ධි ඒකකය අනාවරණය කරගෙන ඇත.

එමෙන්ම, අදාළ සම්බාධක ලැයිස්තු තම පද්ධති තුළ කඩිනමින් යාවත්කාලීන කිරීමට ද සමාගම කටයුතු කර නොමැති බව හෙළි වී තිබේ. මූල්‍ය බුද්ධි ඒකකය විසින් සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂණයකදී මෙම අනුකූලතා උල්ලංඝනය කිරීම් අනාවරණය වී ඇත.

ඒ අනුව, 2026 අප්‍රේල් 9 වැනිදා පනවන ලද රුපියල් මිලියන 3ක දඩ මුදල එම මස 21 වැනිදා ගෙවා තිබේ.

New Natasha (Pvt) Ltd සමාගමට රුපියල් 300,000ක දඩයක්

අනිවාර්ය පාරිභෝගික නිසි විමර්ශන (Customer Due Diligence) ක්‍රියාපටිපාටි අනුගමනය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් New Natasha (Pvt) Ltd සමාගමට රුපියල් 300,000ක දඩයක් පනවා තිබේ.

රුපියල් 200,000 ඉක්මවන ගනුදෙනු සඳහා අරමුදල් ලැබුණු මූලාශ්‍රය, ගනුදෙනුවේ අරමුණ, රැකියාව සහ අදාළ පාරිභෝගිකයා දේශපාලනිකව නිරාවරණය වූ පුද්ගලයෙකු (Politically Exposed Person - PEP) ද යන්න ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු ලබාගැනීමට සමාගම අපොහොසත් වී ඇති බව මූල්‍ය බුද්ධි ඒකකය පෙන්වා දෙයි.

මීට අමතරව, අවශ්‍ය හඳුනාගැනීමේ වාර්තා පවත්වාගෙන යාම, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධ අවදානම් තක්සේරුවක් සිදුකිරීම මෙන්ම, පාරිභෝගික තොරතුරු නම් කරන ලද සම්බාධක ලැයිස්තු සමඟ සසඳා පරීක්ෂා කිරීම ද සමාගම විසින් නිසි පරිදි සිදුකර නොමැති බව අනාවරණය වී ඇත.

කෙසේ වෙතත්, මෙම සමාගම සහ සම්බාධක යටතේ නම් කර ඇති පුද්ගලයන් හෝ ආයතන අතර කිසිදු ව්‍යාපාරික සබඳතාවක් පැවති බවට විමර්ශනවලදී අනාවරණය වී නොමැති බව ද සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා වන නීතිමය හා නියාමන රාමුවට අනුකූලව මූල්‍ය ආයතන සහ අදාළ ව්‍යාපාර කටයුතු කරන බව තහවුරු කිරීම මූල්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධාන වගකීමකි.

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

ශෂී වීරවංශගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි - වසර දෙකක සිර දඬුවම සහ රුපියල් ලක්ෂයක දඩ මුදලක්

ශෂී වීරවංශගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි - වසර දෙකක සිර දඬුවම සහ රුපියල් ලක්ෂයක දඩ මුදලක්