තත්ත්වය තාමත් භයානකයි - තවදුරටත් දිස්ත්‍රික්ක 2කට රතු නිවේදන
අයහපත් කාලගුණය නිසා දිවයිනේ දිස්ත්‍රික්ක 02ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව රතු නිවේදන නිකුත් කර ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, ගඟ ඉහළ කෝරළේ, දොළුව, පන්විල, දෙල්තොට, උඩුදුම්බර, මිනිපේ සහ උඩපළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහායි.
එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබෙන බව සඳහන්.
මේ අතර තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මෙසේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, බදුල්ල, කන්දෙකැටිය, බණ්ඩාරවෙල, සොරණතොට, හාලිඇල, මීගහකිවුල, ලුණුගල, වැලිමඩ, හල්දුම්මුල්ල, පස්සර, ඇල්ල සහ හපුතලේයි.
එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ, හාරිස්පත්තුව, උඩුනුවර, යටිනුවර, පූජාපිටිය, පස්බාගේ කෝරළේ, කුණ්ඩසාලේ, හතරලියැද්ද, පාතහේවාහැට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද මීට ඇතුළත් වේ.
තවද කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, රඹුක්කන, අරණායක, ගලිගමුව, කෑගල්ල, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ වරකාපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, අලව්ව, පොල්ගහවෙල සහ මාවතගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙසේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බව සඳහන්.
එසේම මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, මාතලේ, පල්ලේපොල, රත්තොට, යටවත්ත, අඹන්ගඟ කෝරළය, විල්ගමුව, උකුවෙල සහ නාඋල යන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළය, කොත්මලේ නැගෙනහිර, මතුරට, නෝර්වුඩ්, හඟුරන්කෙත, නුවරඑළිය, කොත්මලේ බටහිර, වලපනේ, තලවාකැලේ සහ නිල්දණ්ඩාහින්න මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, කොළොන්න සහ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද මීට ඇතුළත්.
මේ අතර පළමු මට්ටමේ අනතුරු ඇඟවීමේ නිකුත් කර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ: දිවුලපිටිය, මීරිගම සහ අත්තනගල්ල කෑගල්ල දිස්ත්‍රික්කයේ : දැරණියගල, රුවන්වැල්ල සහ දෙහිඕවිට යන ප්‍රදේශයන්ට බව වාර්තා වේ.