රතු ලේබල් බහාලුම් 323 ඇත්ත කතාව... අවසන් වාර්තාව නිර්දේශ කරයි...

Report

රතු ලේබල් කරන ලද බහාලුම් නිදහස් කිරීමේදී අනිවාර්ය රෙගු පරීක්ෂාවක් අවශ්‍ය බව, රතු ලේබල බහාලුම් 323 ක් දින දෙකකදී නිදහස් කිරීම සම්බන්ධ සිදුවීම විමර්ශනය කිරීම සඳහා රජය විසින් පත් කරනු ලැබූ කමිටුවේ අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

මෙන්න බොලේ වෙන්න බැරි දෙයක් වෙලා.. ට්‍රම්ප් පුටින් එකතු වෙයි..

මෙන්න බොලේ වෙන්න බැරි දෙයක් වෙලා.. ට්‍රම්ප් පුටින් එකතු වෙයි..

එසේම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් විගණනයක් ඉල්ලා ඇති එම රාජ්‍ය කමිටුව, පරික්ෂා කිරීමකින් තොරව බහාලුම් නිදහස් කිරීමේදී අනුගමනය කළ යුතු නිර්දේශ කීපයක් ද ඉදිරිපත් කර ඇත.

මියා කලීෆා ඉන්දියානු සිනමාවට..? එක Instagram Story යකින් ඉන්දියාවම හෙල්ලෙයි

මියා කලීෆා ඉන්දියානු සිනමාවට..? එක Instagram Story යකින් ඉන්දියාවම හෙල්ලෙයි

මාස 4 ක විභාගයකින් පසුව විමර්ශන අවසන් කිරීමත් සමග එම විමර්ශන වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදීම සඳහා කමිටුව විසින් පසුගියදා මුදල් අමාත්‍යාංශයට බාරදෙනු ලැබීය.

රතු පැහැයෙන් ලේබල් කරන ලද බහාලුම 2021 වසරට පෙර නිදහස් කිරීමේදී අනිවාර්ය රේගු පරීක්ෂාවක් අවශ්‍ය වූ බවත්, කහ පැහැයට හුරු තැඹිලි පැහැයෙන් ලේබල් කර ඇති බහාලුම් ස්කෑන් කිරීමට අවශ්‍ය වූ බවත්, කොළ පැහැයෙන් ලේබල් කර ඇති බහාලුම් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමට හැකියාව තිබූ බවත් එම කමිටු වාර්තාව පෙන්වාදී තිබේ.

ලංකාවේ නමත් කෑවා.. ඉන්දියානු කාන්තාවක්ව ඝාතනය කරලා රන්බඩු කොල්ල කාපු ලාංකික අම්මයි පුතයි

ලංකාවේ නමත් කෑවා.. ඉන්දියානු කාන්තාවක්ව ඝාතනය කරලා රන්බඩු කොල්ල කාපු ලාංකික අම්මයි පුතයි

මෙම ක්‍රියාවලිය ඒ සඳහා පත්කළ නිලධාරි මණ්ඩලයක් මගින් සිදු කර තිබූ බව ද එම කමිටු වාර්තාවේ සඳහන් වේ. කෙසේ වෙතත්, විවිධ ලේබල් යටතේ ඇති බහාලුම් හඳුනාගෙන සලකුණු කිරීම සඳහා මෘදුකාංග පද්ධතියක් හඳුන්වා දීමෙන් පසු 2021 දී මෙම ක්‍රියාවලිය ස්වයංක්‍රීය වී ඇතැයි ද එම කමිටු වාර්තාවේ දැක්වේ.

බහාලුම 323 අතර රතු පැහැයන් ලේබල් කර ඇති බහලුම් ද ඇතුළත් වී ඇති බවත්, රතු පැහැයෙන් අදහස් වන්නේ එම බහාලුම් අනිවාර්ය රේගු පරීක්ෂාවට ලක් කළ යුතු බවත් යැයි කමිටුව එම වාර්තාවේ සඳහන් කර ඇත.

කෙසේ නමුත් වරායේ බහාලුම් ගොඩ ගැසීම වැළැක්වීම සඳහා මෙම වසර මුලදී රතු ලේබල බහාලුම් ද පරික්ෂාවකින් තොරව නිදහස් කරනු ලැබ තිබිණි.

රතු ලේබල් කරන ලද බහාලුම් 323 මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශනයක් පවත්වන අතර, එම විමර්ශනය තවමත් අවසන් වී නොමැත.