මෙන්න බොලේ වෙන්න බැරි දෙයක් වෙලා.. ට්‍රම්ප් පුටින් එකතු වෙයි..
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර පැයක් පමණ පුරා පැවති දුරකථන සංවාදයේ ප්‍රධාන අවධානය යොමු වූයේ ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද්ධය සහ එම කලාපයේ උග්‍ර වන නොසන්සුන්තාවයි.
]
මෙම යුද්ධය “අවසන් කළ යුතුයි” යන මතයට නායකයින් දෙදෙනාම එකඟ වී ඇති බව වාර්තා වේ. ට්‍රම්ප් තම 79 වැනි උපන්දිනය දා පුටින්ගෙන් ඇමතුමක් ලැබුණු බවත්, ඉරානය ගැන කතා කිරීමට එය වැදගත් වූ බවත් Truth Social හි සඳහන් කළේය.