'මං ගාව සේවකයෝ 1000ක් වැඩ කරනවා හාල් මෝලේ' - රත්න සහල් අධිපති වෙළඳ ඇමතිට දුන් අමුතුම පිළිතුර..

Report

තමන්ගේ සහල් නිෂ්පාදනය සියැසින් දැක ගැනීමට පැමිණෙන්නැයි නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා වෙළෙඳ ඇමතිවරයාට පවසයි.

මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් වී තොග සඟවාගෙන සිටින බවට ඊයේ (06) වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයය ප්‍රතිචාර දක්වමින් ලංකේෂ්වර මිත්‍රපාල මහතා මේ බව පැවසීය.

ඇත්තටම විදුලි ගාස්තුව අඩු කරනවද නැද්ද..? අවසන් තීරණය කොමිසම දන්වයි..

ඇත්තටම විදුලි ගාස්තුව අඩු කරනවද නැද්ද..? අවසන් තීරණය කොමිසම දන්වයි..

නිව් රත්න සහල් ව්‍යාපාරයේ අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා,

"මම වෙළෙඳ ඇමතිතුමාට කියන්නේ.. ඕන වෙලාවක මගේ ආයතනය පරීක්ෂා කරන්න. මම පටවන හාල් ගණන මම ඔප්පු කරලා පෙන්වනවා. මගේ නිෂ්පාදනය මම ඔප්පු කරලා පෙන්වනවා. මං ගාව තිබෙන වී ප්‍රමාණයත් ඔබතුමාට බලාගන්න පුළුවන්."

"අපිගාව වී තිබුණා කියලා අද සියල්ල කොටලා වෙළෙඳපොළට දාන්නේ නැහැ. මං ගාව සේවකයෝ 1000ක් වැඩ කරනවා හාල් මෝලේ."

සහල් මිල අහස උසට..එළවලු මිලත් කරට කර..මහ බැංකුව නිකුත් කළ එක් එක් භාණඩ වලට දෛනික මිල වාර්තාව..

සහල් මිල අහස උසට..එළවලු මිලත් කරට කර..මහ බැංකුව නිකුත් කළ එක් එක් භාණඩ වලට දෛනික මිල වාර්තාව..

"එතකොට ඊළඟ කන්නයේ අස්වැන්න ලැබෙනකම් මම මේ වී ටික පරිස්සම් කරගෙන දිනපතා සහල් නිෂ්පාදනය කර කර වෙළෙඳපොළට යවනවා. පෙබරවාරි 01 වෙනකම් මගේ තියෙන වී ටික පරිස්සම් කරගෙන වෙළෙඳපොළට හාල් යවන්න ඕනේ."